29 C
Colombo
Saturday, May 18, 2024

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

- Advertisement -

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (02) පැවැත්වෙනවා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට වන්කඩේහිදී  ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, අද තරඟය සඳහා ධනංජය ද සිල්වා වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මෙම තරඟය ඉතාමත් තීරණාත්මක වන අතර ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගන්නට නම් ඔවුන්ට ඉතිරිව තිබෙන තරඟ තුනම ජයගෙන ශුද්ධ ලකුණු වේගයද ඉහළ මට්ටමක රඳවා ගත යුතු වෙනවා.

මීට අමතරව ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය සහභාගීවන මීළඟ තරග තුනෙන් දෙකක් පරාජය වන්නටත් සිදුවනවා.

එමෙන්ම, මේ වන විට ලෝක කුසලාන තාර්ඟාවලිය තුළ අපරාජිතව සිටින  ඉන්දියානුවන් මෙම තරඟය ජයගත හොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි – ප්‍රසන්න

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු මයැයි තමන් යෝජනා කරන්නේ ඒ හේතුවෙන් බවත් නාගරික සංවර්ධන හා...

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...