29 C
Colombo
Saturday, May 18, 2024

ක්‍රිකට් ආයතනයට අදත් දැඩි ආරක්ෂාවක්

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ නින්දා සහගත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බව පවසමින් දේශපාලඥයින්, සිවිල් ක්‍රියාකාරින් මෙන්ම ක්‍රීඩාලෝලින්ද චෝදනා කරනවා.

එවැනි පසුබිමක ඊයේ (03) සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා.

එමෙන්ම අද (04) දිනයේත් පාර්ශව කිහිපයක් විසින් විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ලද අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින්ට සහ තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය තුළින්ද දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

එහිදි ක්‍රීඩාලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ GoHomeSLCBoard ලෙස මේ වෙනුවෙන් හෑෂ් ටැග් ව්‍යාපාරයක්ද නිර්මාණය කර ඇති අතර ඔවුන් පවසන්නේ වත්මන් ක්‍රිකට් පරිපාලකයින් සහ තේරීම් කමිටුව වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි – ප්‍රසන්න

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු මයැයි තමන් යෝජනා කරන්නේ ඒ හේතුවෙන් බවත් නාගරික සංවර්ධන හා...

දේශපාලකයෝ එනවා නම් අපි එන්නේ නැහැ – ග්‍රාම නිලධාරීන්

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා සඳහන් කළේ,...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...