ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) සවස 7.00ට පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව ඇත.
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වීමට නියමිත අතර
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර ඉදිරි පලාත් සභා මැතිවරණයේදී තම පක්ෂය සිදු කළ යුත්තේ කුමක්ද යන්නත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.