28.9 C
Colombo
Saturday, May 11, 2024

SLIIT පශ්චාත් උපාධි අපේක්ෂකයින් සඳහා විශ්ලේෂණාත්මක අධ්‍යයන හා වෘත්තීය අභිලාෂයන් සංවර්ධනය කරයි

- Advertisement -

SLIIT පශ්චාත් උපාධි සිසුන්ගේ වෘත්තීය දක්ෂතාව හා නිපුණත්වය දේශීයව මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඇගයීමට ලක්ව ඇත. බොහෝ උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදී ප්‍රමුඛ සමාගම්වල කීර්තිමත් නිලධාරීන්, සමාගම් හිමියන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් බවට පත්ව ඇත.

පශ්චාත් උපාධි වැඩසටහන් සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ අප ජාතියට මෙන්ම ඉන් ඔබ්බට සේවය කිරීම සඳහා ශක්තිමත් විශ්ලේෂණාත්මක, ඉතා වැදගත් වූ චින්තන පර්යේෂණ සහ නව්‍යකරණ හා සන්නිවේදන කුසලතා ඇති උපාධිධාරීන් බිහිකිරීම සඳහා ය.

SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන MSc, MBA, MPhil සහ PhD පාඨමාලාවලට අදාල සියලු තොරතුරු දැන ගැනීම සඳහා 2021 ජුනි 12 වන දින අන්තර්ජාලය හරහා විවෘත දිනයක් (Postgraduate Virtual Open Day) පැවැත්විය. අධ්‍යන හා පර්යේෂණ උපාධි පීඨයේ පීඨාධිපති, අධ්‍යයන සම්බන්ධීකාරකවරුන් ඇතුළු අනාගත අපේක්ෂකයින් මෙම වැදගත් අවස්ථාවට සහභාගී විය.

‘සූම්’ (Zoom) තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මඟින් පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට පාඨමාලා සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවන මහාචාර්ය හා ආචාර්ය මණ්ඩලය සමඟ ජීවිතය තුළ නිවැරදි තීරණ ගනිමින් ඉගෙනීමේ මාවත සකස් කර ගැනීම පිළිබඳව සාකච්ජා කිරීමට හැකිවිය. ඊට අමතරව විශේෂ වට්ටම් හිමිකර ගැනීමට හා virtual tour හරහා SLIIT ආයතනය නැරඹීමේ අවස්ථාවද හිමි විය.

MSc හා MBA යන පාඨමාලා සැලසුම් කර ඇත්තේ අපේක්ෂකයින්ගේ අනාගත වෘත්තීය කටයුතු අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේම විවිධ හැකියාවන්ගෙන් වෘත්තීය වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය සහය ලබාදීමටය. MPhil සහ PhD උපාධි අපේක්ෂකයින්ට වැඩිදුරටත් පර්යේෂණ මාතෘකා පිළිබඳව වැඩ කිරීමට අවස්ථාව ලබා දෙමින් පවතින දැඩි අවශ්‍යතා සහිත ප්‍රදේශවල නව තරඟකාරීත්වය සඳහා නවෝත්පාදන විසඳුම් ලබා දෙයි. මෙම උපාධි පාඨමාලා සියල්ල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත.

SLIIT ආයතනය විද්‍යාවේදී (MSc) සහ තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, තොරතුරු කළමනාකරණය, තොරතුරු පද්ධති, සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂ තොරතුරු තාක්‍ෂණය, ව්‍යවසාය යෙදුම් සංවර්ධනය පිළිබඳ විශේෂ තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය, දර්ශනවේදී (MPhil), සහ පරිගණක හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ පදනම් කරගත් ආචාර්ය උපාධි (PhD) යන උපාධි පිරිනමනු ලබයි.

SLIIT පශ්චාත් උපාධි පිරිනමනු ලබන්නේ SLIIT පශ්චාත් උපාධි අධ්‍යන පීඨය විසිනි. එමඟින් සිසුන්ට අගනා ප්‍රතිඵල ලබාදෙන සාර්ථක ඉගෙනුම් හා පර්යේෂණ පරිසරයක් නිර්මාණය කිරීමට සමත් වී ඇති අතර ආචාර්ය මණ්ඩලය ද ඒ වෙනුවෙන් නව්‍යකරණයෙන් හා විශිෂ්ටත්වයෙන් කැපවී සිටී.

ලෝකය පුරා වූ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවල ඉහළ අධ්‍යාපනික සුදුසුකම්ලත් ආචාර්ය උපාධිධාරීන් 75 දෙනෙකු ඇතුළු 300 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් අධ්‍යන මණ්ඩලයක් සමඟින් SLIIT, කර්මාන්ත වෘත්තිකයන් සමඟ ද හොඳ අධ්‍යයන පසුබිමක් පවත්වාගෙන යනු ලබයි. බොහෝ කථිකාචාර්යවරුන්ට අධ්‍යන ක්ෂේත්‍රයේ පමණක් නොව පර්යේෂණ හා නවෝත්පාදන,ව්‍යාපාරික දෘෂ්ටියේ ගුණාත්මකභාවයන් සහතික කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳවද අත්දැකීම් ඇත.

මෙම පශ්චාත් උපාධි ඩිප්ලෝමා MSc උපාධි සඳහා පිටවීමේ සුදුසුකමක් ලෙස සලකයි. ඊට අමතරව MSc සහ MBA උපාධි වැඩසටහන් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලබන්නේ වෙළඳපොළෙහි වෙනස්වීම් අවබෝධ කරගනිමින් අධ්‍යයන පර්යේෂණ සහ නව්‍යකරණයන් පිළිබඳ දැනුම් සම්භාරයේ සීමාවන් දක්වා පුළුල් කිරීමෙනි.

උපාධිය උපාධි සාර්ථකව සම්පූර්ණ කර ඇති උපධිලාභින් හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් සහිතව පිළිගත් වෘත්තීය ආයතනයක් සමඟ පූර්ණ සුදුසුකම් ඇති අපේක්ෂකයින්ට මෙම උපාධි වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය.

පශ්චාත් උපාධි විවෘත දිනය තුළ වැඩසටහනට සම්බන්ධ වූ අපේක්ෂකයින්ට පාඨමාලා සඳහාවන මුළු මුදලෙන් 15% වට්ටමක් හිමි විය. කණ්ඩායම් ලියාපදිංචිය සඳහා 20% ක වට්ටමක් (එක සමාගමකින් අවම වශයෙන් සාමාජිකයින් 04 ක් වත් විය යුතුය) සහ SLIIT ආදි සිසුන් සඳහා 10% ක වට්ටමක් හිමිවේ.

RECENT ARTICLES - SINHALA

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

ලැට්වියාවට පනින්න ගිය ලංකාවේ පහක් අත්අඩංගුවට

ලැට්වියා දේශසීමාව හරහා නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා. මීට දින කිහිපයකට පමණ පෙර එරට...

හෙරොයින් බෙදාහැරි කෝප්‍රල් රිමාන්ඩ්

හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක සමග එම ජාවාරමේ නිරත වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදා කෝප්‍රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...