32 C
Colombo
Sunday, June 4, 2023

SLIITහි ‘ගුරු විරු’වැඩසටහන මඟින් අධ්‍යාපන ක්‍ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ගුරු වෘත්තිය සවිබල ගන්වමින් ජාතික මෙහෙවරක් ඉටුකරයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ශක්තිමත් කිරීමට අවැසි දැනුම, කුසලතා හා ආකල්ප සහිත අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීම සහ සංවර්ධනය කිරීමේ අරමුණු ඇතිව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය විසින් ‘ගුරු විරු’ නමින් සත්කාරක සේවා වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.

කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන් පාසල් ගුරුභවතුන් මෙන් ම ධර්මාචාර්යවරුන් වැනි අධ්‍යාපන සේවය ලබා දෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

වැඩසටහනේ ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ විෂය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම තුළින් ඔවුන්ගේ හැකියාවන් සහ ඉගැන්වීමේ සාර්ථක ක්‍රමවේදයන් වර්ධනය කිරීමයි.

SLIIT ආයතනය මෙම වැඩසටහන හරහා මෙරට අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීමට නොමිලේ සැසිවාර පවත්වමින් ජාතික සේවාවක් සැපයීම සඳහා දැඩි ලෙස කැපවී සිටින අතර ඒ මඟින් දිවයින පුරා සිටින සියලුම ගුරුවරුන්ට ප්‍රතිලාභ ලබා ගත හැකිය.

එහි සමාරම්භක ‘ගුරු විරු’ වැඩසටහන 2021 ජුනි 23 වන දින පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ එක්ව සාර්ථකව පවත්වන ලදී. එහිදී විද්‍යාපීඨ ශික්ෂාලාභීන් සඳහා ‘ක්‍රියාමූලික පර්යේෂණ’ (Action Research) පිළිබඳ සැසියක් පවත්වනු ලැබීය.මෙම අවස්ථාවට ශික්ෂාලාභීන් 400 කට අධික පිරිසක් සහ කථිකාචාර්යවරුන්ද සහභාගී විය. මෙම සැසිය SLIIT මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විරාජිත් ගමගේ මහතාගේ මෙහයවිම යටතේ පැවැත්විණි.

මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිනී, කාන්ති ලියනගේ මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරමින් මෙම සමාරම්භක වැඩමුළුව සාර්ථක කරගැනීමට මහඟු දායකත්වයක් ලබා දුන්නාය.

එම සමාරම්භක වැඩමුළුවේ සාර්ථකත්වය ඔස්සේ මේ දක්වා තවත් වැඩමුළු කිහිපයක් පවත්වනු ලැබීය. සංඛ්‍යාන විශ්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය SPSS මෘදුකාංග භාවිතය පිළිබඳ දෙදින වැඩමුළුවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෑතකදී මහවැලි, පෙරදේණිය සහ සියනෑ යන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල කථිකාචාර්යවරුන් වෙනුවෙන් පවත්වන ලදී. මානව ශාස්ත්‍ර පීඨයේ ගණිත අධ්‍යයනාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය T.S.G පීරීස් මහතා විසින් මෙහයවනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ඉහත සඳහන් කළ මහවැලි විද්‍යාපීඨයන්වල 100කට අධික කතිකාචාර්යවරු පිරිසක් සහභගී වූහ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් මෙම වැඩසටහන් සඳහා විශෘල ඉල්ලුමක් පවතින බවත්, ඉදිරියේ දී දිවයිනේ සියලුම විද්‍යාපීඨ සඳහා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට SLIIT අරමුණු කර ඇති බව එහි මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...