27 C
Colombo
Friday, May 3, 2024

ජනතාවට සේවය කරන්න ඇමතිකම් වැඩිකරන්නැයි පොහොට්ටුව ඉල්ලයි

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා තමා ඇතුළු දිස්ත්‍රික් නායකයන් විශාල කාර්‍යභාරයක් කළ බවත් එවැනි දිස්ත්‍රික් නායකයන්ව අතහැර ගමනක් ගියහොත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට විශාල අඩුපාඩුවක් වනු ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පවසනවා.

ඒ, ඊයේ (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

දැනට පත්කර ඇත්තේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් බැවින් ඒ ගැන ජනාධිපතිවරයා කල්පනා කර බලා කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

“තාවකාලික කැබිනට් එකක් පත් කළේ. අපිට කිව්වේ තාවකාලිකව ඕක පත්කළේ කියලා. තාවකාලික උනාට දැන් දිගට ඇදුනා. ඇදුනත් වැඩියි. ඒ නිසා. ඒ නිසා කැබිනට් මණ්ඩලයක් පත් කරයි. අපිට අවස්ථාවක් දෙනවද නැද්ද කියන එක ජනාධිපතිවරයා තීන්දු කරයි.”

කෙසේ නමුත් කැබිනට් සංශෝධනයක් සිදුවිය යුතු බවත් කැබිනට් මණ්ඩලය විශාල කිරීමට ව්‍යවස්ථාවෙන්ම ඉඩ ලබාදී ඇති බවත් ඔහු පවසනවා.

“ව්‍යවස්ථානුකූලව 30ක් පත් කරන්න පුළුවන්. කැබිනට් ඇමතිවරු 30යි, රාජ්‍ය ඇමතිවරු 40යි. දැන් ඉන්නේ කැබිනට් ඇමතිවරු 20යි, රාජ්‍ය ඇමතිවරු 38යි. ව්‍යවස්ථානුකූලවම එහෙම පත් කරන්න පුළුවන්. ඒක ජනාධිපතිවරයාගේ අයිතියක්. ආරංචියක් තියෙනවා එහෙම පත් කරයි කියලා”

RECENT ARTICLES - SINHALA

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...