25 C
Colombo
Wednesday, September 27, 2023

දකුණු අප්‍රිකාවේ රිය අනතුරකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට

- Advertisement -

දකුණු අප්‍රිකාවේ උතුරුදිග දේශසීමාව ආසන්න ප්‍රදේශයකදී ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

සිම්බාබ්වේ දේශසීමාවට ආසන්න ලිම්පෝපෝ පළාතේදී එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පතල් කැනීම්වල නිරතව සිටින කම්කරුවන් පිරිසක් අනතුරට ලක් වූ බස් රථයේ ගමන් කර ඇති බවයි.

මෙම කම්කරුවන් දකුණු අප්‍රිකාවේ විශාලතම දියමන්ති ආකරවලින් එකක් වන De Beers සමාගම සතු පතලක සේවය සඳහා යන අතරතුර මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සම්බන්ධ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ට්‍රක් රථයේ රියදුරුට බලපත්‍රයක් නොමැති අතර එම රථය ධාවනය සඳහා සුදුසු නොවන තත්ත්වයක පැවති බවයි.

ඉතා දියුණු මාර්ග පද්ධතියක් පැවතුණද දකුණු අප්‍රිකාව තුළ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ඉතා අවම බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...