26 C
Colombo
Friday, November 8, 2024

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

- Advertisement -

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බවයි.

එම අත්තිකාරම් මුදල ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට පෙබරවාරි මස 29 වන දින දක්වා කාලය තුළ ලබාදීමට නියමිතයි.

මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

මෙම අත්තිකාරම් මුදල 2024 වර්ෂය තුළදීම අයකර අවසන් කළ යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES