27 C
Colombo
Sunday, May 19, 2024

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්

- Advertisement -

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පසුගිය මැයි 4 වනදා එම කොටස කඩා වැටුණු අතර, කොන්ක්‍රීට් කණු අතර කොන්ක්‍රීට් කදම්භ ස්ථානගත කිරීමේදී රබර් බෙයාරින් පෑඩ් මත ස්ථානගත කරන බවත් එම කොන්ක්‍රීට් කදම්භය ඉන් ඉවත්ව පෙරළී කඩා වැටී තිබුණා.

ඒ හේතුවෙන් තවත් බාල්ක දෙකකට ද හානී සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය. එම කොන්ක්‍රීට් කදම්භය 2021 වසරේ නොවැම්බර් මාසයේදී ස්ථානගත කර ඇති බව සඳහන්.

එබැවින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 01 කොටසේ ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස පරික්ෂා කර බැලීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කණ්ඩායම් දෙකක් මේ වනවිට යොදවා ඇති බව බවද එම නිවේදනයේ සඳහන් වනවා.

එම කණ්ඩායම් මගින් ඉදිකර ඇති සියලු කොන්ක්‍රීට් ආධාරකවල වර්ථමාන තත්ත්ව ගැන පරික්ෂා කිරීමට සහ අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමට එම කණ්ඩායම් කඩිනමින් කටයුතු කරනු ඇති බව එහි දැක්වෙනවා.

ඒ තුළින් අධිවේගී මාර්ගය නියමිත ප්‍රමිතියෙන් සහ තත්ත්වයෙන් ඉදිකර, ආරක්ෂාකාරීව පවත්වා ගැනීම පිළිබඳ පූර්ණ සුපරික්ෂාවක් සහ පසුවිපරමකින් නිරන්තරයෙන් සිදුකිරීම තහවුරු කරනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, අධිවේගී මාර්ග කොටස දැනට ඉදිකිරීම් මට්ටමේ පවතින බැවින් මාර්ග ඉදිරිකිරීම භාර කොන්ත්‍රාත්කරු විසින් මේ සඳහා සිදුව ඇති මුල්‍යමය හානිය දරාගතයුතු බවයි.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...