31 C
Colombo
Saturday, May 18, 2024

දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට විශේෂ ඡන්ද පත්‍රිකාවක් 

- Advertisement -

ඉදිරි සියලු මැතිවරණවලදී දෘශ්‍යබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම එවැනි පුද්ගලයින් වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කෙරෙන බව, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පැවසුවා.

ඔහු ප්‍රකාශ කළේ, මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බවයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ ප්‍රවෘත්ති සාකඡාවට එක්වෙමින්.

මීට අමතරව, ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමු කරන බවද, ඔහු පැවසුවා.
 
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ, ආබාධිත ප්‍රජාවට හැඳුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බවයි. 

මේ අතර, මෙවර අයවැයෙන් බස් රථ 600ක් මිලදී ගැනීම සදහා යෝජනාවක් පවතින බැවින් ඉන් බස්රථ කිහිපයක් හෝ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් මිලදීගෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...