27.9 C
Colombo
Wednesday, May 14, 2025

අයවැයට කලින් සිගරට් කම්පැණියට ලාබ ගන්න- මිලියන 3150ක ණයක් (හෙළිදරව්ව)

- Advertisement -


කතාව කෙටියෙන්ම මෙහෙමයි, සිගරට් මිලියන 55ක් ගන්නට ආණ්ඩුවේ බැංකුවකින් රුපියල් මිලියන 3150 ණයක් දෙන්න ලෑස්තියි.


අයවැයෙන් සිගරට්වල ගාණ වැඩිවෙන්න කලින්ම ඒක දැනගෙන, මහා සිගරට් තොගයක් ස්ටොක් කරලා, ඒක වැඩි මිලට විකුණලා ලාභ ලැබීමේ කතාවක් තමයි අපි මේ හෙළිදරව් කරන්නේ.


2020 අයවැය යෝජනා ඉදිරිපත් කළේ නොවැම්බර් 17 වැනිදා. ඒ අතර සිගරට් සඳහා බදු වැඩිකිරීමේ යෝජනාවකුත් තිබුණා.


නිකමට හිතන්න, කවුරුහරි සමාගමක් ඒ යෝජනාව ක්‍රියාත්මක වෙන්න කලින් සෑහෙන කාලෙකට ඇතිවෙන්න අති දැවැන්ත සිගරට් ස්ටොක් එකක් සල්ලිවලට අරගෙන, වැඩිවෙච්ච මිලට වික්කොත්.


අයවැයේ ලාභෙ යන්නෙ ආණ්ඩුවට නෙවෙයි, සිගරට් පාරිභෝගිකයටත් නෙවෙයි. සිගරට් නොබොන රටේ ඉතිරි මිනිස්සුන්ටත් නෙවෙයි. සිගරට් විකුණන ධන කුවේරයන්ට. එතකොට අර අයවැය යෝජනාව නිකම්ම සිගරට් විකුණන අය වෙනුවෙන් ගෙනාපු යෝජනාවක් වෙනවා.


ඒ නිසා අයවැය එන්න කලින්, අයවැයෙන් සිගරට් මිල වැඩි කරනවා කියන කතාව ලීක් කරලා තිබුණොත් ඒක ප්‍රශ්නයක්.


දැන් පේන විදියට වැඬේ ලීක් වෙලා.


ඒ යෝජනාව ක්‍රියාත්මක වෙන්නට කලින්, අඩු මිලට අති දැවැන්ත සිගරැට් තොගයක් මිලදී අරගෙන, වැඩි මිලට ඒ සිගරැට් විකුණලා රුපියල් මිලියන 7697ක ලාභයක් ලැබීමේ සැලසුමක් වාර්තා වෙනවා. ඒ වෙනුවෙන් ලංකා බැංකුවෙන් බිලියන 3.150ක, ඒ කියන්නේ මිලියන 3150ක ණයකුත් ඉල්ලලා. වැඬේට බැංකුවෙන් අනුමැතියත් ලැබිලා.


මේ ණයත් අරන්, සිගරට් ස්ටොක් කරලා ලාභය ලබන්නෙ ඩී.එස්. ගුණසේකර කියන කම්පැණිය. සමහරු ඩී.එස්. ගුණසේකර කියන නම බස් හින්දා දැනගෙන හිටියත්, එයාලා සිගරට් විකිණිල්ලෙන් ගොඩක් ලාභ හොයනවා. ඒ සමාගම සිගරට් ගන්නේ සිලෝන් ටුබැකෝ කම්පැණියෙන්.


දැං අයවැයට කලින් මහා සිගරට් තොගයක් ගන්න සල්ලි කොහෙන්ද කියන ප්‍රශ්නෙට තමයි ලංකා බැංකුව සරණෙට එන්නේ.


බලන්නකෝ වැඬේ, ආණ්ඩුවෙන් අයවැය ගේනවා… ආණ්ඩුවේ බැංකුවකින් ණයකුත් දෙනවා. ණය දෙන්නේ මාස හයකින් ගෙවන්නලු. මේ වැඩෙන් ලංකා බැංකුවට ලැබෙන ලාභය රුපියල් මිලියන 85ක්. ඉතින්, ඩී.එස්. ගුණසේකර කම්පැණියට ලැබෙන මිලියන 7697 ලාභෙ එක්ක ගත්තම ඒක හරි පුංචියි.


මේ ණය ඉල්ලන එකේම තියෙනවා, ඉස්සරහ මාස තුන ඇතුළත සිගරැට් මිල වැඩිවේවි කියන බලාපොරොත්තුවෙන් ණය ඉල්ලුම් කරනවා කියලා. තව තැනක තියෙනවා ඉතා ළඟ අනාගතයේදී සිගරැට් මිල වැඩිවෙන බව. ඉක්මනින් ණය අනුමත කරන්න ඕනෑ කියලත් ඒ ඉල්ලීම්වල තියෙනවා.

වැඬේ හදිස්සි නිසා අර සම්පූර්ණ ණයෙන් රුපියල් මිලියන 1000ක් දෙන්න සැප්තැම්බර් 14 වැනිදා වෙද්දීම හදිසි අනුමැතියකුත් දීලා. ඊටපස්සේ ඉතිරි 2150ට අනුමැතිය ගන්න කාලය ඉල්ලලා.


මීට කලින් ගත්ත ණයත් එක්ක ලංකා බැංකුවෙන් මේ දක්වා එයාලා අරන් තියෙන ඔක්කොම ණය වල එකතුව රුපියල් මිලියන 3807ක්. ලේසි පහසු ණය තොගයක් නෙවෙයි දීලා තියෙන්නෙ. පුංචි මිනිස්සුන්ටත් එහෙම ණය දෙනවනං.


දැං ගන්න යන සිගරට් තොගයට යන වියදමෙන් සීයට අනූවක්ම දරන්නේ බැංකුව. ඒත් බිස්නස් එකෙන් ලාභ ලබන්නේ කම්පැණිය. මරු.


දැං මේ මහා සිගරට් තොගය ගන්නේ අංක 38, විමලවත්ත පාර, මිරිහාන, නුගේගොඩ කියන තැනෙන්. සිගරට් 10,000ක් දාන්න පුළුවන් ලොකු යකඩ පෙට්ටිවල දාලා මේවා තැන්පත් කරනවා. ඒ විදියෙ ලොකු යකඩ පෙට්ටි 5560ක් ගන්නවාලු. ගෝල්ඞ්ලීෆ් පෙට්ටි 5400යි. ඩන්හිල් පෙට්ටි 160යි.


ඒ කියන්නේ සිගරට් 55,600,000ක් හෙවත් මිලියන 55ක් ගන්නවා.


ජයවේවා…….
(මෙම ලිපිය නිව්ස් 19 හෙළිදරව්වකි. උපුටා ගන්නේ නම්, ගෞරවය ලබාදෙන්න.)

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට: තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදු දියනෑමට ගිය පිරිසක් අතුරින් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි...

POPULAR ARTICLES

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා. ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ,...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...