27.5 C
Colombo
Wednesday, June 26, 2024
spot_img

ජීවිත තර්ජන ගැන විමර්ශනයක් අවශ්‍ය නැහැ – හර්ෂ සිල්වා

- Advertisement -

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මේ බව සඳහන් කරනවා.

CIDය විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් විසින් සිදුකළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් බවයි.

එසේම එම අවස්ථාවේදී කථානායකවරයා විසින් තමන්ට ජීවිත තර්ජනයක් තිබේද යන්න විමසූ බවත් එවැන්නක් නොමැති බව තමන් විසින් ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම්දී තිබෙනවා.

දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍යවන්නේ නම් නැවත දැනුම්දීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...