31 C
Colombo
Saturday, July 27, 2024

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

‍ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම පොදු සමා කාලය තුළ සිය හමුදා මූලස්ථානය වෙත පැමිණ වාර්තා කරන හමුදා සාමාජිකයින් සඳහා නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සැලසෙන අතර යම් පුද්ගලයෙකු විසින් කිසියම් මුදලක් හමුදාවට අය විය යුතුව තිබේ නම් එම මුදල් අයකර ගැනීම ද මෙහිදී සිදුකෙරෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බවයි.

මීට අමතරව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඔවුන්ගේ ආදාළ ඒකකය වෙත වාර්තා කිරීමකින් තොරව පොදු සමා කාලයේ දී කොන්දේසි කිහිපයකට යටත්ව නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...