25 C
Colombo
Saturday, March 22, 2025

කොළඹ ගං වතුර අඩු කරන්න විශේෂ වැඩපිළිවෙළක්

- Advertisement -

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 7ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.

ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 7 යටතේ කොළඹින් පිට ජලාප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා  නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාතක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක  ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීම සිදු කිරීමට නියමිතයි.

ඒ අතරින්, පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ  ව්‍යාපෘති 02 මේ වසරේ දී අවසන් කිරීමට අපේක්ෂිතයි.

මෙම ව්‍යාපෘති සදහා වැය කරන මුදල රුපියල් මිලියන 203කි.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ ප්‍රධාන ඇල මාර්ග හා වැටි නඩත්තු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාතියක්ද ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ කොළඹ ප්‍රධාන ඇල මාර්ග කිලෝ මීටර් 44ක් නඩත්තු කිරීමද සිදු කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 295ක් බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES