32 C
Colombo
Sunday, June 4, 2023

වතුපිටිවල රෝහලේ කොවිඩ් එන්නත් නාස්තියට වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥයින් වගකිව යුතුයි – GMOA

- Advertisement -

ව්‍යාජ කොවිඩ් එන්නත් කිරීමේ මාර්ගෝපදේශ සකස් කිරීම සහ එන්නත් කුප්පි 25,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයක් නාස්ති කිරීම හේතුවෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

පෙරේදා (9) දිනයේ වතුපිටිවල රෝහලේ සේදුම් කාමරයකින් මාත්‍රා දෙක හෝ තුන යන ප්‍රමාණයන්ගෙන් ඉතිරි වූ කොවිඩ් එන්නත් සොයා ගැනීමත් සමඟ මෙම තත්ත්වය මතු වූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසුවේය.

කොවිෂීල්ඩ් එන්නත පිළිබඳ මූලික මාර්ගෝපදේශය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සියලුම රෝහල්වලට නිකුත් කරනු ලැබුවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥයින් විසිනි.

‘අවසාන මාත්‍රාවෙන් පසුව එන්නත් කුඩා ප්‍රමාණයක් ඉතිරිව තිබේ නම් එය වෙනත් පුද්ගලයෙකු සඳහා භාවිතා නොකළ යුතුය’.යන්න එම මාර්ගෝපදේශයන්හි සඳහන් කර තිබිණි.

එකී මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු වැඩසටහනේ පළමු අදියරේදී එන්නත් කුප්පි 25,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයක් නාස්ති වූ බව වෛද්‍ය ප්‍රනාන්දු මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...