31 C
Colombo
Saturday, July 27, 2024

ආසාදිතයන් නිවෙස්වල රැඳවීම ඉක්මන් කරන්න – ජනපතිගෙන් උපදෙස්

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස්වලම රඳවා තබාගෙන වෛද්‍ය අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ජනාදිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එම වැඩපිළිවෙලට අදාල නිර්ණායක කඩිනමින් සකස් කරන ලෙසයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවද සාමාන්‍ය රෝග ලක්ෂණ හෝ ‍පෙන්වන ආසාදිතයන් කිසිසේත් නිවෙස්වල රඳවා නොගන්නා බවයි. එවැනි රෝගීන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා ගන්නා බවත්, බරපතල රෝග ලක්ෂණ සහිත රෝගීන් කඩිනමින් රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බවත් යුද හමුදාපතිවරයා පවසනවා.

එසේම නිවෙස්වල රඳවා තැබීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් තිබෙන ස්ථානවල පමණක් බවත්, එවැනි පහසුකම් නොමැති පුද්ගලයන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...