25 C
Colombo
Saturday, January 18, 2025

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

- Advertisement -

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා.

පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබුණා.

ශ්‍රී ලංකා රේගුව හා සම්බන්ධවෙමින් මහා පරිමාණ තොග ව්‍යාපාර වැටලීම් සිදුකිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමුවූ අවස්ථාවේදී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇත්තේ වත්මන් පනත අනුව වැටලීම් කිරීම සඳහා බලය ඇත්තේ සිල්ලර වෙළෙඳාම සම්බන්ධයෙන් පමණක් බවත් තොග හෝ නිෂ්පාදකයාගේ ගබඩා පරීක්ෂා කර නෛතික පියවර ගැනීමට බලයක් නැති බවයි.

මේ අනුව අදාළ අංශ අනාවරණය වන ලෙස පනත සංශෝධනය කිරීම සිදුවන බවත් මේ වන විට එය අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේ 2004 වසරේ ආරම්භ කළ පනත සංශෝධනය කිරීම වසර 19ක් පමා වී ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් නිමා කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...