27 C
Colombo
Saturday, June 10, 2023

තවත් PHI වරයෙක්ට කෙළ ප්‍රහාරයක්

- Advertisement -

කොවිඩ් -19 ආසාදිත බවට සැකසහිත ගිරිඋල්ල – පුස්කොලදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසකට රාජකාරී කටයුතු සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුටයි.

සැකසහිත පුද්ගලයා සිටින නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත්කර තිබෙනවා.

අනතුරුව ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට කෙළ ගසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

48 හැවිරිදි මෙම පුද්ගලයා සිදුවීම වන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව ගිරිඋල්ල පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

2020 වසරේ දෙසැම්බර් 02වනදා මේ ආකාරයෙන්ම සිද්ධියක් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන්ද වාර්තා වුණා.

එම සිදුවීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට පානදුර අධිකරණය විසින් වසර 6ක සිරදඬුවමක් නියම කළා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.