31 C
Colombo
Monday, May 13, 2024

ලංකාවට පාකිස්තානයෙනුත් ලොකු ලූනු

- Advertisement -

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිටත් වෙළෙඳපොළ තුළ ලොකු ලූනු මිල පහළගොස් ඇති අතර චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් රුපියල් 200ත් 300ත් අතර මිලකට වෙළෙඳපොළ තුළ පවතින බවට වාර්තා වනවා.

ඉන්දියාවද පසුගියදා ලොකු ලූනු අපනයනයට පනවා තිබූ තහනම ඉවත් කර ශ්‍රී ලංකාවට ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනය කිරීමට එකඟතාව පළකර තිබුණා.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අදාළ ලොකු ලූනු වෙළෙඳ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙරටට ආනයනය කර සතොස හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මළ ගෙදරකදී විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 වයසැති තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ...

අපේ පක්ෂයේ කවුරුත් එහෙට මෙහෙට පනින්නේ නැහැ – සජිත්

සමගි ජන බලවේගයේ කිසිදු කෙනෙක් වරප්‍රසාදවලට හෝ ප්‍රතිලාභවලට වෙනත් පක්ෂ සමග සම්බන්ධතා ඇති කර නොගන්නා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු සිසුන් හමුවේ...

ගිරිඋල්ල ප්‍රදේශයේ කුඹුරක තිබී මළ සිරුරක් හමුවෙයි

ගිරිඋල්ල පොලිස් වසමේ කජුවැටියවත්ත කුඹුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, වයස අවුරුදු 50ත් - 60ත් අතර...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...