28 C
Colombo
Saturday, July 27, 2024

ශ්‍රී ලංකාව ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබදතා අරඹයි

- Advertisement -

ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව අතර පිහිටි ගොඩබිමින් වටවූ කුඩා රාජ්‍යයක් වන ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇතිකර ගැනීම සදහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අර්ධ ව්‍යාවස්ථාමය රාජාණ්ඩුවක් වන ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යයෙහි ව්‍යවස්ථාදායක රජවරයෙක් රටේ නායකයා ලෙස කටයුතු කරනවා.
ප්‍රධාන වශයෙන් ඖෂධ, ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවන මෙම රටෙහි පසුගිය වසරේ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක් පමණ වන අතර ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 143,700 ක් පමණ වනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූයේ ද්වී පාර්ශවික හා බහුපාර්ශවික සහයෝගීතාවය වර්ධනය කරගැනීම සදහා ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබදතා ස්ථාපිත කරගැනීමට ලිච්ටෙන්ස්ටයින් රජය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.
ඒ අනුව ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබදතා ස්ථාපිත කිරීම සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය යනු කලක් ප්‍රකෝටිපතියන්ගේ බදු තෝතැන්නක් ලෙස හැදින්වූ රාජ්‍යයෙකි.
එනම් සුපිරි ධනවතුන් සිය බදු පැහැර හැරීම් සදහා අක්වෙරළ ගිණුම්වල (offshore accounts) මුදල් දැමීමට ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය යොදාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම රාජ්‍ය කලක් අසාදු ලේඛණගතවද පැවතුණා.

සීෂෙල්ස් රාජ්‍යයද මෙලෙස අක්වෙරළ ගිණුම් (offshore accounts) පවත්වාගෙන යාමට ප්‍රසිද්ධියක් දරණ රටකි.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...