30 C
Colombo
Thursday, June 8, 2023

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බලන බව විදේශ අමාත්‍යාංශය යුරෝපා සංගමයට දැනුම් දෙයි

- Advertisement -

පවත්නා නීති සම්පාදනය, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර හොඳම භාවිතයන් පිළිබඳව අධ්‍යයනය කරමින් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට සහ ඒ සඳහා වූ වාර්තාවක් මාස තුනක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් සහ නිල කමිටුවක් පත් කිරීමට ජුනි 21 වන දින අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමයට මෙසේ දැනුම් දී ඇතැයි සඳහන් වේ.

මේ සඳහා වන නිල කමිටුව අධිකරණ,ආරක්ෂක,විදේශ කටයුතු මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශවල සහ නීතිපති,නීති කෙටුම්පත්,ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානි කාර්යාලය යන ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත වන අතර අදාළ පත්වීම් ජුනි මස 24 වන දින සිදු කර ඇතැයි පැවසේ.

එමෙන්ම වරදකරුවන් කොට සිරදඬුවම් නියම කරන ලද එල්ටීටීඊයේ හිටපු සාමාජිකයන් 16 දෙනෙකු වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සමාව දීම පිළිබඳව ද යුරෝපා සංගමය දැනුම්වත් කිරීමට රජය කටයුතු කර තිබේ.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...