29 C
Colombo
Thursday, June 8, 2023

ශ්‍රී ලංකාව මන්දගාමීම ජංගම අන්තර්ජාල වේගයක් සහිත රටවල් 10 අතර

- Advertisement -

ශ්‍රී ලංකාව ලොව අඩුම වේගයකින් ජංගම දුරකථන අන්තර්ජාල පහසුකම් සපයන රටවල් 10 අතරට පැමිණ තිබෙනවා.

ඌක්ලා ගෝලීය අන්තර්ජාල වේග දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 129 වන ස්ථානයයි.

ඌක්ලා විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම ඉහළින් ඇත්තේ සැම්බියාව සහ උගන්ඩාව වන අතර ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පහළින් ඇත්තේ ටැන්සානියාව සහ සෝමාලියාවයි.

එමෙන්ම, ස්ථාවර දුරකථන අන්තර්ජාල පහසුකම් සපයන රටවල් අතරින්ද මෙරටට හිමිව ඇත්තේ 126වන ස්ථානයයි.

රටක අන්තර්ජාල වේගය යනු එරට දියුණුව මැණීමේ තවත් එක් මිණුමක් වන අතර මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් නොසතුටෙන් පසුවන බව රහසක් නොවේ. මන්දගාමී අන්තර්ජාල වේගයට අමතරව දිවා-රාත්‍රී වශයෙන් බෙදා අන්තර්ජාල පහසුකම් සැපයීම නොදියුණු ලක්ෂණයක් බව බොහෝ දෙනාගේ මතයයි.

මෙම තත්වය වඩාත් ඛේදවාචකයක් වන්නේ කොරෝනා වසංගත තත්වය නිසා රටේ අධ්‍යාපනය, රැකියා මෙන්ම ව්‍යාපාරවලටද ඉතා විශාල වශයෙන් අන්තර්ජාලය මත යැපීමට සිදුව තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් මේ අතර, ඉන්දියාව විසින් තම අන්තර්ජාල වේගය 47%කින් ඉහළ නවං ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය වසර තුලදී ඉන්දියාවේ අන්තර්ජාල භාගතකිරීමේ වේග‍ය සියයට හතලිස් හතකින් ඉහළ ගොස් ඇති බවයි ඌක්ලා අන්තර්ජාල වේග දත්ත අනුව පැවසෙන්නේ.

අලි ගහන කැලේ 4G හොයන විජයපුර දරුවෝ
වනාතවිල්ලුව විජයපුර සිසුදැරියන්
වලල්ලාවිට දරුවන්
මොරගහවැව දරුවන්

RECENT ARTICLES - SINHALA

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

පොලිස් ලොක්කෙක්ගේ පුතෙකුට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

රිය අනතුරක් සිදුකර පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නැමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...