29 C
Colombo
Saturday, July 27, 2024

ලොව සංචාරය කිරීමට හොඳම රටවල් අතරට ලංකාවත්

- Advertisement -

සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාවද පත්ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වනවා.

මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 20%ක වැඩවීමක් බව සඳහන්.

ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙනවා.

මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිය යුතු බව ද ෆෝබ්ස් සඟරාව පෙන්වා දී තිබෙනවා.

සංචාරය කිරීම සඳහා වඩාත්ම සුදුසු ගමනාත්ත ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය හඳුන්වා දිය හැකි බව එම වාර්තාවේ සඳහන් වනවා.

ශ්‍රී ලංකාව සශ්‍රීක උස්බිම්වලින් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දූපතක් වන අතර බාලි හා සමාන සංචාරක ආකර්ෂණයක් පවතින බව ෆෝබ් සඟරාව පෙන්වා දෙනවා.

සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක්ද පවතින බව එම වාර්තාවේ සඳහන්.

ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දරුණු ආර්ථික අර්බුදයෙන් සහ මෑත කාලීන සිදුවීම්වලින් සුවය ලබමින් සිටින ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පෙරමුණේ පසුවන බවයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...