ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟය අද (10) පැවැත්වීමට නියමිතයි.
හයිද්‍රාබාද්හි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වන බව සදහන්.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති බව වාර්තා වනවා.
මේ වන විට පාකිස්තානය සහ ශ්‍රීලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක් පවත්වා ඇති අතර ඉන් 07ක්ම පාකිස්තානය ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය ගත් පකිස්ථාන කණ්ඩායම ලකුණු සටහනේ 3වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට දැනට රැඳී සිටින්නේ 9වැනි ස්ථානයේයි.