ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (30) බංග්ලාදේශයේ චට්ටෝග්‍රෑම් හිදී ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව අද දිනට තරඟය නතර කරන විට කඩුලු 04ක් බිඳවැටී ලකුණු 314ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.