24 C
Colombo
Tuesday, January 31, 2023

මෙරට විදෙස් සංචිත හිඟය නිසා චීනයෙන් ඩොලර් බිලියන 2.2ක් ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකාව විසින් චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව රජය පවසයි.

චීනයේ මහ බැංකුව සමඟ ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉදිරි සති දෙක ඇතුළත මෙම කටයුත්ත අවසන් කිරීමට හැකි වනු ඇතැයි කබ්රාල් මහතා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටින ලදි.

නිල සංඛ්‍යාලේඛන වලට අනුව, ජනවාරි අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.8 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2009 සැප්තැම්බර් මාසයේ සිට පහත වැටුණු අඩුම අගයයි.

ඩොලර් මිලියන 700 ක ණයක් සඳහා ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 200 කට සමාන මුදලක් චීන මුදල්වලින් ලබා ගන්නා බවත් නිලධාරීන් පවසයි.

ඉහළ පෙළේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් පසුගිය වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පහත හෙලනු ලැබුවේ ශ්‍රී ලංකාවට එහි විදේශ ණය සඳහා ඇති හැකියාව පිළිබඳ සැක මතු කරමිනි.

නියමිත වේලාවට ණය ආපසු ගෙවීමේ පිළිවෙත ශ්‍රී ලංකාව විසින් දිගටම පවත්වාගෙන යනු ඇතැයි කබ්රාල් මහතා ඊයේ අවධාරනය කළ අතර ජාත්‍යන්තර ආයතන විසින් ශ්‍රේණිගතකිරීම් පහත හෙලීම අනවශ්‍ය බවත් ඔහු පැවසීය.

2021 සඳහා වූ ඩොලර් බිලියන 3.7 ක ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 500ක් මේ වසරේදී ශ්‍රී ලංකාව මේ වන විට ආපසු ගෙවා ඇති බව ඔහු පැවසීය.

විදේශ විනිමය සංරක්ෂණය කිරීම සඳහා රජය විසින් සුඛෝපභෝගී ආනයන සහ තවත් වෙළඳ භාණ්ඩ කිහිපයක් තහනම් කර ඇති අතර එමඟින් විදෙස් ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වන බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වාර්තාගත ලෙස සියයට 3.9 කින් හැකිලී ගියේය.

කෙසේ වෙතත්, කබ්රාල් මහතා පැවසුවේ මෙරට ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යමින් පවතින බවත් මේ වසරේදී ඩොලර් බිලියන 27.6 ක විනිමය පිටතට ගලා යාමට එරෙහිව රට තුලට විනිමය ගලා ඒම ඩොලර් බිලියන 32 ක් බවට ඇස්තමේන්තු කර ඇති අතර එය ඩොලර් බිලියන 4.4 ක අතිරික්තයක් ඉතිරි කර ඇති බවත් ය.

(AFP)

RECENT ARTICLES - SINHALA

BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී

0
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

0
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම

0
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

RECENT ARTICLES - ENGLISH

“Don’t act childish”: EC hits back at DG Information

0
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.

Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB

0
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...

Danushka Gunathilaka’s cricker career to be finished?

0
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...