ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේ දී බලාපොරොත්තු වූ ණය මුදල ලබා ගත නොහැකි වනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුධය තවදුරටත් ව්‍යාකූල විය හැකි බවයි ආර්ථික විශේෂඥයන් උපුටා ගනිමින් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
එම වාර්තාවලට අනුව ජාත්‍යන්තර අරමුලෙන් ලබාදෙන ණය ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ආරම්භ නොවීම හේතුවෙනි.
පවතින මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට ලබන මාසයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීම සඳහා වන කොන්දේසි සම්පුර්ණ කිරීමට නොහැකි වනු ඇති.
ඒ අනුව ණය මුදල ලබා ගැනීමට ලබන වසරේ මාර්තු මස තෙක් ශ්‍රී ලංකාවට බලා සිටීමට සිදු වනවා.
කෙසේ වෙතත් මේ වන මෙරට ප්‍රධාන ණය ගණුදෙනුකරුවන් අතර සිටින ජපානය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා.