29 C
Colombo
Saturday, July 27, 2024

ශ්‍රී ලංකාව පළමුවරට ඉන්දියාවට එරෙහිව T20 තරඟාවලියක් ජයගනී

- Advertisement -

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර T20 තරඟාවලියේ තෙවන සහ අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

තරඟයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායක ශිකර් ධවාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

නමුත් ඉන්දීය ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 81 කට සීමා වුණා.

එය T20 තරඟයක ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම ඉන්දීය කණ්ඩායම වාර්තා කළ තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වනවා.

ඊයේ සිය 24වන උපන්දිනය සැමරූ වනිඳු හසරංග ඉන්දීය ඉනිම සුණු විසුණු කළා.

සිය පන්දුවාර හතර තුල ලකුණු 9ක් පමණක් ලබා දුන් වනිඳු ඉන්දීය ඉනිමේ කඩුලු 4ක් දවා ගත්තා.

එය ඡන්ම දිනයේ පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමයි.

එය ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඕනෑම ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමද වනවා.

ඊට අමතරව දසුන් ශානක කඩුලු 2ක් දවා ගත්තා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුල්දීප් යාදව් නොදැවී ලකුණු23ක් ලබා ගත්තා.

ලකුණු 36ට කඩුලු 5ක් දැවී තිබුණු අවස්ථාවක භුවනේෂ්කුමාර් (16*) සමග එක්ව කුල්දීප් ඉන්දියාව T20 තරගයක ඉන්දීය කණ්ඩායම වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ සීමාවෙන් (74 – ඔස්ට්‍රෙලියාව හමුවේ, 2008) ඔබ්බට කණ්ඩායම රැගෙන ගියා.

ලකුණු 82ක ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් සපුරා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමේ 15වන පන්දුවාරයේ තුන්වන පන්දුවේදී ජයග්‍රහණය ලබා ගන්නා විට කඩුලු තුනක් බිඳ වැටී තිබුණා.

එම කඩුලු තුනම රාහුල් චාහ්ර් දවා ගත්තා.

මෙම ජයත් සමග තරගාවලි පහකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලියක් ජය ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට T20 තරගාවලියක් ජයගත්තේ 2019 වසරේදීයි.

පාකිස්තානයට එරෙහිව ලබා ගත් එම ජයග්‍රහණයේදීත් කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේ දසුන් ශානක වීම විශේෂත්වයක්.

මෙම තරගාවලි ජය ඉන්දියාවට එරෙහිව ලැබූ පළමු T20 තරඟාවලි ජයග්‍රහණයද වනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...