34 C
Colombo
Monday, May 6, 2024

තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

- Advertisement -

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස අද (09) ජය හිමිකර ගත්තා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත් වුණා.

සිය 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක වනිඳු හසරංග ලකුණු 15ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 19ක් රැස් කළා.

ලකුණු 175ක ඉලක්යක් හඹාගිය බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විණා.

නුවන් තුෂාර අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු වාර්තා අතර එක් වුණේ 20-20 තරගයකදී කඩුල ත්‍රිත්වයක් දවා ගත් පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණයි.


RECENT ARTICLES - SINHALA

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...