25 C
Colombo
Saturday, March 22, 2025

කෝටි 10ක රත්තරන් කේක් හැදූ ශ්‍රී ලාංකික තරුණයා

- Advertisement -

රත්තරං කේක් නිෂ්පාදනය කළ ලංකාවේ තරුණයෙක් පිළිබඳව පසුගිය දිනවල විදෙස් මාධ්‍යවල පවා කතාබහට ලක්වුණා.
 
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු උපන්දිනය නිමිත්තෙන් මෙම රත්තරං කේක එක නිර්මාණය කර ඇත්තේ, ඩුබායිහී සිටින ප්‍රසන්න කුමාර රාජගුරු විසින්. 

කැරට් 24 එඩිබල් රියල් ගෝල්ඩ්වලින් නිමවා තිබුණු මෙම රත්‍රං කේක් නිර්මාණය ඉන්දීය රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුක්තයි. 

ශ්‍රී ලංකා මුදලින් කෝටි 10ක පමණ වටිනාකමින් යුතු බව සඳහන් වෙනවා. ‍

එමෙන්ම මෙය ඉන්දීය ඉතිහාසයේ වැඩිම වටිනාකමින් යුතුව නිර්මාණය කෙරුණු කේක් එක හැටියටත් මෙය වාර්තා අතරට එක වෙලා තියෙනවා.

ඌර්වශි රවුටෙලාට මේ කේක් එක තෑගි කරලා තිබුණෙ ජනප්‍රිය රැප් ගායකයෙකු වන යෝ යෝ හනී සිං විසින්.

ප්‍රසන්න කුමාර මීට පෙරත් ඌර්වශි වෙනුවෙන් කේක් නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්. 

මීට අමතරව, ඩුබායිවල ඉන්න ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙකුගේද උපන්දින කේක් ඇනවුමක් ප්‍රසන්න විසින් නිර්මාණය කර තිබෙනවා.  

ඒ සඳහා ඔහු නිර්මාණය කළේ, Mercedes–AMG G 63 වර්ගයේ මෝටර් රථයක කේක් ආකෘතියක්.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES