29 C
Colombo
Saturday, July 27, 2024

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50කට සීමාවෙයි

- Advertisement -

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ පැතුම් නිස්සංක හා කුසල් පෙරේරායි.

නමුත් පළමු පන්දු ඕවරයේ තුන්වන පන්දුවේදී කුසල් පෙරේරාට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදුවුයේ Jusprit Bumrah ගේ පන්දුවකටයි.

ඉන් පසුව පිළිවෙලින් පිටිය පිවිසි පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංන්ජය ද සිල්වා සහ නායක දසුන් ශානක යන ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් සිව් දෙනාගේම කඩුලු 5 Mohammed Siraj විසින් ලබා ගත්තා.

ලකුණු 17 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ද නැවත ප්‍රේක්ෂකාගාරයට හරවා වන්නට Mohammed Siraj සමත් වූයේ අද දිනයේ ඔහුගේ 6 වන කඩුල්ල ලෙසයි.

Hardik Pandya ගේ පන්දුවට 8 වන කඩුල්ල ලෙස දුනිත් වෙල්ලාලගේට ලකුණු 8ක් ලබා සිටියදී ප්‍රේක්ෂකාගාරයට යාමට සිදුවුණා.

දුෂාන් හේමන්තට ද ලකුණු 13 ක් ලබා සිටියදී Hardik Pandya ගේ පන්දුවකින් දැවී යාමට සිදු වූ අතර මතීශ පතිරණටද ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට Hardik Pandya සමත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම 15 වන පන්දු වාරයේ 2 වන පන්දුවේදී සියලු දෙනාම දැවී ලකුණු 50 ට දවා ගන්නට ඉන්දීය පන්දු යවන්නන් සමත්වුණා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...