24 C
Colombo
Thursday, March 30, 2023

මලල ක්‍රීඩා ශූරතාවලියේ පෙන්වූ වැඩ

- Advertisement -

කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් වසරකට ආසන්න කාලයක මලල කී‍්‍රඩා පිටියේ පැවැති නිහැඬියාව බිඳිමින් ආරම්භ වූ ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය සාර්ථකව දෙසැම්බර් 29 වැනිදා නිමාවට පත්විය. පසුගිය 26 වැනිදා ආරම්භ වූ 98 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය දින 4ක් පුරා කොළඹ සුගතදාස ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණි.

තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී කැපී පෙනුණු දස්කම් දැක්වීමට මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජන කළ කාලංග කුමාරගේ සමත් විය. ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කළ කාලිංග කුමාරගේ තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවක් මත වසර දෙකක් පමණ මලල කී‍්‍රඩා පිටියෙන් ඉවත් වී සිටියේය. එ් අනුව 2018 වසරෙන් පසුව මලල කී‍්‍රඩා පිටියට පිවිසි කාලිංග කුමාරගේ ඊයේ මීටර් 400 ඉසව්ව තත්පර 46.25කින් නිමා කරමින් එම ඉසව්වේ ජාතික ශූරයා බවට පත්වන්නට සමත් විය.

මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් එම ඉසව්වේ ජාතික ශූරිය වන්නට නදීශා රාමනායක සමත් වූවාය. එහිදී ඇය වාර්තා කළ කාලය තත්පර 53.47කි. නදීශා රාමනායක නේපාලයේදී පසුගිය වසරේදී පැවැති දකුණු ආසියානු ශූරතාවලිය නියෝජනය කිරීමට සමත් වුවද එහිදී ඇය ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් තරගාවලිය මග හැරී ගියේය.

ඊයේ පැවැති ඉසව්වලින් වැඩි අවධානයක් යොමු වූ මීටර් 1500 කාන්තා ඉසව්මේ රන් පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වූවාය. ගයන්තිකා එහිදී වාර්තා කළ කාලය මිනිත්තු 4.17.58කි. එහි පිරිම ඉසව්ව ජය ගැනීමට සමන් කුමාර ප‍්‍රනාන්දු සමත් වූ අතර මිනිත්තු 3.47.86ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව ජය ගැනීමට ඔහු සමත් විය.

මීටර් 10000 කාන්තා ඉසව්වේ ජාතික ශූරිය බවට පත්වන්නට ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තරග වැදුණු එච්. එම්. එන්. නන්දසේන සමත් වූවාය. ඇය එහිදී මිනිත්තු 35.21.11ක කාලයක් වාර්තා කරමින් අදාළ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. මීය අමතරව පිරිමි තුන් පිම්ම ඉසව්වේදී මීටර් 16.32ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කිරීමට සමත් වූ අයි.ඞී.එස්.එස්. ජයසිංහ එම ඉසව්වේ ජාතික ශූරයා බවට පත් විය. මිටිය විසි කිරීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට එච්.එ්.එ්. ලක්ෂිකා සමත් වූ අතර එහිදී මීටර් 43.02ක දක්ෂතාවක් ඇය ප‍්‍රදර්ශනය කළාය. එහි පිරිමි ඉසව්ව මීටර් 50.73ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කරමින් ජය ගැනීමට යුද හමුදාවේ සිසිර කුමාර සමත් විය.

(දිවයින)

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...