31 C
Colombo
Saturday, July 27, 2024

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

- Advertisement -

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා කරනවා.

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි නිල් මහා සටන හේතුවෙන් ඔවුන් මෙලෙස සිය පාසල්වල ධජ ප්‍රදර්ශනය කළ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ, දෙපාර්ශවයේම ආධාරකරුවන් විශාල පිරිසක් මෙල්බර්න් සිට මෙම ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි.

මෙම ගුවන් යානය මෙල්බර්න් සිට මෙරටට පියාසර කිරීමට පෙර එම ධජ ඉවත් කොට දිවයිනට පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් පාසල් උන්මාදය හේතුවෙන් සිදුකළ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව විවේචනයට ලක්වනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...