31 C
Colombo
Saturday, March 25, 2023

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය FITS Aviation සමඟ නඩත්තු ගිවිසුමක් අත්සන් කරයි

- Advertisement -

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය FITS Aviation (පුද්) සමාගම සමඟ ‘Total360’ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු ගිවිසුමක් පසුගිය සතියේ අත්සන් කළේය. FITS Aviation හි එයාර් බස් A320 ගුවන් යානා සමූහය සඳහා වන මූලික නඩත්තු කිරීම, සහ වෙනත් ඉංජිනේරු සේවා සම්බන්ධ සියලු කාර්යයන් මෙම ගිවිසුමට ඇතුළත් වේ. 


මෙම ගිවිසුම මඟින්  දිගු කාලීන අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආරම්භයක් සනිටුහන් වන අතර එමඟින් FITS ගුවන් සේවයට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා හැකි වනු ඇත. එසේම ශ්‍රීලංකන් ගුවන් සේවයට ද තම ගුවන් යානා නඩත්තු කිරීමේ ඉහළම ප්‍රමිතීන් පවත්වාගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර මහතා මෙසේ පැවසීය. “ FITS එයාර් සමාගමට ඔවුන්ගේ A320 ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය සහ විශේෂඥභාවය ලබාදීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකන් ඉංජිනේරු දැනුම කලාපයේ ඕනෑම ගුවන් සමාගමක් සමඟ ඒකාබද්ධ කර ගැනීමට සහ ඔවුන්ගේ ඉංජිනේරු සහ නඩත්තු අවශ්‍යතා සඳහා සහාය ලබාදීමට විවෘතව පවතිනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමට ලක්වූ ගෝලීය ප්‍රමිති සහතික කිහිපයක් ලබා ගෙන තිබේ. එසේම ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA සහතිකය හිමිකරගෙන තිබේ.  ඒ අනුව බණ්ඩාරනායක ගුවන් තොටුපළේ  සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වන ගුවන් යානා සහතික කිරීම සඳහා බලය පැවරී තිබේ

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු කිරීම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු අර්ජුන කපුගේකියන මහතා සඳහන් කළේ FITS එයාර් 360 ඉංජිනේරු හා නඩත්තු සැපයුම්කරුවෙකු ලෙස තෝරා ගැනීම පිළිබඳව සතුටට පත්වන බවයි.

ගුවන් යානා නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා සීෂෙල්ස්, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් යන රටවල ජාතික ගුවන් සේවා බලධාරීන්ගේ අනුමැතිය ද ශ්‍රී ලංකන් ඉංජිනේරු ආයතනය සතුව ඇත. එසේම එයාර්බස් A320, A321 (CEO සහ NEO මාදිලි සඳහා) සහ A330 ගුවන් යානා වලින් සමන්විත සමස්ත ශ්‍රීලංකන් ගුවන් ඇණිය සඳහා ද ඔවුන් සම්පූර්ණ ඉංජිනේරු සේවා සපයයි. මීට අමතරව, ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය විසින් කොළඹ සහ මාලේ ගුවන්තොටුපලවල සහ තවත් බොහෝ ගුවන් සේවා පාරිභෝගිකයින්ට B777, B737NG, B 787, A350 සහතිකය ලබා දෙයි.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...