29 C
Colombo
Saturday, July 27, 2024

ශ්‍රීලන්කන් එකට තවත් ගුවන් යානා 10ක් ඕන-අශෝක් පතිරගේ

- Advertisement -

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව පවත්වාගෙන යෑමට නම් තවත් ගුවන් යානා 10ක් අවශ්‍ය වන බව එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසනවා.

ඒ අනුව කල්බදු පදනමට ඒ –330 වර්ගයේ ගුවන් යානා හතරක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බව පැවසූ සභාපතිවරයා මසකට ඇමරිකානු ඩොලර් 360,000ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත එම ගුවන් යානා ලබා ගැනීමට කටයුතු යොදමින් සිටින බවද සඳහන් කළා.

කෙසේ වෙතත් ටෙන්ඩර් පටිපාටිය හා අනෙකුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වසර 1 1/2ක් පමණ ගත වන බැවින් මෙම ගුවන් යානා 4න් 2ක් වෙනත් රටක ගුවන් සේවයක් මගින් මිලදී ගෙන ඇති බවද පතිරගේ මහතා ඊයේ (03) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

රජය මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති නමුත් එහෙත් මෙම ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යෑමට මෙම ගුවන් යානා ලබාගත යුතු බවද පැවසූ සභාපතිවරයා මේ වනවිට ලෝකයේ ගුවන් යානා හිඟයක් පවතින බවත් ඊට සාපේක්‍ෂව විශාල ඉල්ලුමක් ගුවන් යානාවලට ඇති නිසා කල්බදු පදනමට ගුවන් යානා 4ක් ශ්‍රීලන්කන් ගුවන් සේවයට ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් බවද තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...