26 C
Colombo
Sunday, March 26, 2023

රටේ සෞභාග්‍යය කඩාවැටිලා- මහබැංකුව කියයි

- Advertisement -

ශ‍්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයේ සිට ගිය (2019) වසරේ දී 0.802 ක අගයක් දක්වා අඩු වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ (29 දා ) නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.
 
 මේ සඳහා ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.
 
 මේ අතර ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකය 2019 වසර තුළ දී වැඩිදියුණු වී ඇත.
 
 සංචාරක හා ඒ ආශ‍්‍රිත කර්මාන්ත කෙරෙහි පාස්කු ඉරු දින ප‍්‍රහාරයෙන් ඇති වූ බලපෑම මත විරැුකියාව ඉහළ යෑම සහ 2019 වසරේ අග භාගයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් පදනම් කොටගෙන සාපේක්ෂව ඉහළ උද්ධමනයක් වාර්තා වීම, ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකයේ පහළ යෑමට ප‍්‍රධාන වශයෙන් හේතු විය.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ආරක්ෂාව පිළිබඳව ඇති වූ අවිනිශ්චිතතාව සමඟ පොදු ප‍්‍රවාහන මාධ්‍ය භාවිතය අඩු වීම, සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ පහළ යෑම කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකය විය.
 
 සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය සහ මහජනතාවගේ වත්කම් යන අංශවල ඉහළ වර්ධනය යන කරුණු ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයේ ඉහළ යෑමට ප‍්‍රධාන වශයෙන් දායක වී ඇතැයි ද මහ බැංකුව ඊයේ නිකුත් කළ එම නවතම වාර්තාවේ දැක්වේ.
 

(දිවයින)

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...