33 C
Colombo
Thursday, March 28, 2024

මීගමුව ශාන්ත මරියා විදුහල්පතිට එරෙහිව CID පරීක්ෂණ

- Advertisement -

මෙවර අ‍පොස උසස්පෙළ විභාගයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන දිනයේදී ඒ වෙනුවෙන් පෙනී සිටි සිසුවෙකුට උපකාර කිරීම සදහා මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිවරයා කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.
විභාගය පැවති දිනයේදි ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්නයක් එම විදුහලේ තර්ක ශාස්ත්‍රය උගන්වන ගුරුවරයා හට දුරකථනයෙන් පවසා ඒ සදහා පිළිතුර කුමක්දැයි අදාල විදුහල්පතිවරයා ගුරුවරයාගෙන් විමසා තිබෙනවා.
මේ පිළිබදව විභාග දෙපාර්තමේන්තුවට එම අවස්ථාවේම පැමිණිලි කල බවයි එම ගුරුවරයා පවසන්නේ.
මේ අනුව අදාල විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබදව විභාග කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකල පැමිණිල්ලක් මත ඒ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...