දකුණු අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බවයි.
ඒ අසල පිහිටා ඇති ග්‍රින්ඩාවික් නගරයෙහි වැසියන් සියලු දෙනා මේ වන විට ඉන් ඉවත් කර තිබෙනවා.
අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනානත්යක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇතැයි, වාර්තා වනවා.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගිනි කන්ද අවට ගුවන් ගමන් සඳහා මේ වන විට බාධා මතුව නොමැති බවයි.