27.2 C
Colombo
Saturday, June 21, 2025

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

- Advertisement -

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

අදාළ වාහනය මධ්‍යම පළාතේ ලියාපදිංචි කර තිබීම හේතුවෙන් පොලිස් කාන්තාව රියදුරුගෙන් වාහනයේ  ලියාපදිංචි කිරීමට අදාළ නීත්‍යානුකූල ලියවිලි ඉල්ලා සිටින ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙහිදී, එක් පළාතක ලියාපදිංචි කර ඇති වාහනයක් තවත් පළාතක ධාවනය කළ නොහැකිද යන්න රියදුරු අදාළ පොලිස් කාන්තාවගෙන් විමසා සිටිනවා.

එහිදී ඇය පවසන්නේ, වාහනය මුල් අයිතිකරුගෙන් පවරා ගෙන නොතිබීම වරදක් බවයි.    

එමෙන්ම, වෙනත් අයෙකුට ලියාපදිංචි කළ වාහනයක් පදවන්නේ නම් වාහන ලියාපදිංචි සහතිකය ඇතුළු අවශ්‍ය සියලුම ලියකියවිලි රැගෙන යා යුතු බවද ඇය රියදුරාට පවසන අයුරු මෙම වීඩියෝවෙහි දැක්වෙනවා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ විසින් රථවාහන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, වාහන පැදවීමේදී ලියාපදිංචි සහතිකය රැගෙන යාම අත්‍යවශ්‍ය නොවන බවයි.

වලංගු රියදුරු බලපත්‍රයක්, රක්ෂණයක් සහ ආදායම් බලපත්‍රයක් වැනි අවශ්‍ය ලියකියවිලි ඇත්නම් ඕනෑම කෙනෙකුට පළාත් අතර ගමන් කිරීමට හෝ රටේ ඕනෑම තැනකට යාමට බාධාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණගල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රණගල මහතා පවසා ඇත්තේ, අදාළ වීඩියෝවෙහි පෙනී සිටින පුද්ගලයාගේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය වාහනයේ හිමිකරු වන පුද්ගලයා නොවන වෙනත් පුද්ගලයෙකුගේ නමින් තිබීම හේතුවෙන් පොලිස් කාන්තාව එසේ ප්‍රශ්න කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES