27 C
Colombo
Saturday, June 10, 2023

බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවයට තවමත් විරුද්ධයි – විමල්

- Advertisement -

නිහඬ බව යනු තවත් හඬක් වන අතර එහි වැදගත් අර්ථ‍යක් තිබිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.

ඒ අද (10) කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකිවෙතැයි විශ්වාසයක් පවතින්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටීමේදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවර‍යා,

”ආර්ථිකයේ තිබෙන අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්. මම දන්නේ නැහැ එතුමාට ඒක කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියල. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්.”

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අසමත්වීම මත මෙවැනි තීන්දුවක් ගැනීමක් සිදු වූයේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටීමේදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවර‍යා,

”ඒ තර්කය දැම්මොත් ජනාධිපතිතුමා ඇමතිවරුන්ට බලය පවරන්නේ ඇයි? ජනාධිපතිවරයා සතු විධායක බලය තමයි කැබිනට් ඇමතිවරුන්ට පවරලා තියෙන්නේ. කැබිනට් ඇමතිවරු හරහා එම විධායක බලය රාජ්‍ය ඇමතිවරු දක්වා පහළට දීලා තිබෙනවා. එය කළ යුතු දෙයක් මිසක් ජනාධිපතිවරයාට කරන්න බැරි නිසා කරන දෙයක් නෙවෙයි. ඒ විදිහට අර්ථකථනය කිරීම සුදුසු නැහැ. වැරදියි.”

එමෙන්ම, තමුන්ට ඇත්තේ බැසිල් රාජපක්ෂ පැමිණීම ගැන ගැටළුවක් නොව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධ කාරණය පිළිබඳව බව අමාත්‍යවරයා පවසන ලදී.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.