26 C
Colombo
Tuesday, May 21, 2024

ලාංකිකයන් වැඩි පිරිසක් පෙළෙන ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

- Advertisement -

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 කට ආසන්න ආදායමක් උපයා දුන්නු ”බියුටි ඇන්ඩ් ද බීස්ට්” චිත‍්‍රපටය තිරගත වෙන්න පටන් අරන් මේ වෙද්දි අවුරුදු 7ක්. මේ චිත‍්‍රපටය නරඹන හැම වෙලාවකදිම දැනෙන දෙයක් තමයි බියුටි, එහෙමත් නැත්නම් බෙලා තමන්ව පැහැරගෙන ගෙදර යන්න නොදී හිර කරගෙන හිටපු බීස්ට්ට ආදරේ කරන්න පටන් ගත්තේ ඇයි කියන කාරණය. ඒ ගැන ටිකක් කල්පනා කරගෙන යද්දි අපෙන් වැඩි දෙනෙකුට වෙලා තියෙන්නෙත් බෙලාට සිද්ධ වුණු දේම නේද කියලා හිතෙන්න පටන් ගන්නවා.

දැන් කතාවෙ වෙන පැත්තකට හැරෙමු. 1973 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ක්‍රෙඩිට්බෑන්කන් කියන බැංකුවේ මංකොල්ලයක් සිද්ධ වුණා. කොල්ලකල්ලියෙ නායකයා තමයි ජෑන් එරික්  ඕල්සන්. කොල්ලය අසාර්ථක වුණු තැන මෙයා බැංකු සේවිකාවන් තුන් දෙනෙක් සහ සේවකයෙක් ප‍්‍රාණ ඇපයට අරගෙන බැංකු ගොඩනැගිල්ල ඇතුළේ හිර කරලා තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරනවා. පළමු ඉල්ලීම වෙන්නේ ඒ වෙද්දිත් බන්ධනාගාරගතව සිටින නමගිය අපරාධකරුවෙකු වුණු තම හොඳම මිතුරු ක්ලාක් ඔලොෆ්සන්ව නිදහස් කර ගැනීමයි. ඊට අමතරව විශාල මුදලක් සහ ඔවුන්ට පැන ගන්න වාහනයකුත් ඉල්ලා සිටිනවා. මේ විදියට කොල්ලකරුවන් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් දවස් හයක් පුරා ප‍්‍රාණ ඇපකරුවන් තමන් භාරයේ තබා ගන්නවා. ඒ දවස් හය පුරාම පොලීසිය කඹයක ගැට ගසන ලද බාස්කට් එකක බහා කොල්ලකරුවන්ටත් ප‍්‍රාණ ඇපකරුවන්ටත් ආහාර පාන සපයා දෙනවා.

ප‍්‍රාණ ඇපයට ලක් වුණු හතර දෙනාට කොල්ලකරුවන්ගේ අණසකට යටත් වෙලා ඉන්න සිදු වුණත් ඔවුන්ට දරුණු වධ වේදනා විඳින්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසාම දවසක් දෙකක් ගත වෙද්දි ප‍්‍රාණ ඇපකරුවන්ට කොල්ලකරුවන් ගැන යම් ආකාරයක පැහැදීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ පැහැදීම කොච්චර දුර ගියා ද කියනවා නම්, එක් බැංකු සේවිකාවක් කොල්ලකරුවෙකුට ආදරය කරන්න පවා පෙළඹෙනවා. දවස් හයක මෙහෙයුමකින් පස්සේ ස්ටොක්හෝම් පොලීසිය ප‍්‍රාණ ඇපකරුවන් බේරාගෙන මංකොල්ලකරුවන් යටත් කරගෙන අත්අඩංගුවට ගන්න සමත් වෙනවා. නමුත් ඒ මොහොතේ කිසිම කෙනෙක් නොසිතූ සිදුවීම් රැසක් සිදු වෙමින් පවතිනවා.

ඒ තමයි ප‍්‍රාණ ඇපකරුවන් විසින් තමන්ව බේරා ගත් පොලීසිය වෙත අනියත බියක් ඇති කර ගැනීම සහ මංකොල්ලකරුවන් වෙත දැඩි විශ්වාසයක් ඇති කර ගන්නට සමත් වී තිබෙන බව පෙනෙන්නට තිබීම. ප‍්‍රාණ ඇපයට ගත් බැංකු සේවකයින් හතර දෙනා මංකොල්ලකරුවන්ව අත්අඩංගුවට ගන්න එපා කියමින් සහ ඔවුන්ට දඬුවම් දෙන්න එපා කියමින් හඬා වැටෙන්න පටන් ගන්නවා. පොලීසිය කෙරෙහි ප‍්‍රාණ ඇපකරුවන්ට ඇති වෙන්නේ තරහක් සහ වෛරයක්. ඒ විතරක් නෙවෙයි පොලීසිය වෙනුවෙන් මංකොල්ලකරුවන්ට විරුද්ධව උසාවියේ දී සාක්ෂි දීම පවා එකී බැංකු සේවකයින් ප‍්‍රතික්ෂේප කරනවා.

දැන් තවත් කතාවක් කියන්නයි හදන්නේ. 1933 අවුරුද්දේ මැයි 27 වෙනිදා, එවකට 25 හැවිරිදි වියේ පසුවුණු මාරි මැක්එල්රෝයි කියන තරුණිය නාන කාමරයේ ස්නානය කරමින් සිටියදී නිවසට පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු විසින් පැහැර ගන්නවා. ඔවුන් ඇයව ෆාම් හවුස් එකක බිම් මහලක රඳවා තබාගෙන ඇගේ පියාගෙන් ඩොලර් හැට දහසක කප්පම් මුදලක් ඉල්ලා සිටිනවා. ”මාව වටින්නේ ඩොලර් හැට දාහක් විතරද?” කියා විහිලූ කරමින් ඇය එහි සතුටින් කාලය ගත කරනවා. ජුනි දෙවෙනිදා කප්පම් මුදල් ලබා ගන්නා අවස්ථාවේ කප්පම් කරුවන් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්න සාක්ෂි කූඩුවට නගින මාරි, පොලීසිය පුදුමයට පත් කරමින් කියා සිටින්නේ ඔවුන් හතර දෙනා ඉතාම අහිංසක පුද්ගලයින් නිසා නිදහස් කළ යුතුයි කියලයි. ඒ වගේම තමාව පැහැර ගන්නා අවස්ථාවේ තමන් නිරුවතින් ස්නානය කරමින් සිටි බවත්, තමන්ට ශරීරය පිසදාගෙන ඇඳුම් ඇඳගෙන එන්න පවා ඔවුන් අවස්ථාව දුන් බවත් ඇය කියා සිටිනවා. දීර්ඝ කාලයක් නඩුව විභාග කර අවසානයේ කප්පම් කරුවන්ගෙන් දෙදෙනෙකුට වසර දෙකක සිර දඬුවමකුත් අනිත් දෙදෙනාට මරණ දඬුවමත් නියම කරනවා. 1940 අවුරුද්දේ ජනවාරි 21 වෙනිදා මාරිගේ ප‍්‍රාණය සුන් සිරුර ඇගේ නිදන කාමරයේ තිබී සොයා ගන්නේ ඇය විසින් ලියනු ලැබූ ලිපියක්ද සමඟයි. තමන්ගේ හිසට වෙඩි තබාගෙන මිය යන්න කලින් ඇය මේසේ ලියා තබනවා. ”මාව පැහැර ගත් හතර දෙනා තමයි මේ ලෝකෙ ඉන්න, මම මෝඩයෙක් කියලා හිතන්නේ නැති එකම හතර දෙනා. ඔවුන් දෙදෙනෙකු දැන් ඉන්නේ මරණ දඬුවම ඉදිරියේ. කරුණාකර ඔවුන්ට තවත් එක් අවස්ථාවක් ලබා දෙන්න.” මාරි සියදිවි නසා ගන්න හේතුව විදියට මනෝ විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන්නේ කප්පම්කරුවන් දෙදෙනෙකු වෙත ලබා දී තිබූ මරණ ද`ඩුවම නිසා ඇය තුළ අප‍්‍රමාණ දුකක් සහ කළකිරීමක් ඇතිවීම වෙන්න පුලූවන් කියලයි.

දැන් තවත් කතාවක් කියන්නම්. ඔන්න එක රටක් තියනවා. ඒ රටේ පාලකයන් පොදු මහජනතාවගේ මුදල් අයථා විදියට නොසෑහෙන්න මංකොල්ල කමින් වංචා කරනවා. භාණ්ඩ මිල වැඩි කරමින් මහජනයා තලාපෙලා දමනවා. අසරණ මිනිසුන් බොහොම අමාරුවෙන් ජීවත් වෙද්දි පාලකයන් ඉතාම සුඛෝපභෝගී විදියට ජීවත් වෙනවා. ඔවුන් එහෙම ජීවත් වෙන්නේ තමන්ගේ බදු මුදලින් සහ අයථා ක‍්‍රමවලින් කඩා ගත්තු මුදල්වලින් කියලා මහ ජනතාව දන්නවා. නමුත් ඔවුන් පාලකයන්ට විරුද්ධව මොකුත්ම කියන්නේ නැහැ. මොකද ඔවුන් තමන්ගේ හිතින්ම ප‍්‍රාණ ඇපකරුවන් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා ඔවුන් තවදුරටත් පාලකයන්ගේ ගුණ වයමින්, වන්දනා කරමින් අසරණ විදියට ජීවත් වෙනවා.

මේ විදියට තමන් ප‍්‍රාණ ඇපයට තබාගත් කොල්ලකරුවන්, කප්පම්කරුවන් හෝ වංචාකරුවන් කෙරෙහි ධනාත්මක හැඟීමක් සහ තමන් බේරා ගත් පොලීසිය කෙරෙහි නිෂේධනාත්මක හැඟීමක් ඇති කරවන මනෝභාවය පසු කාලයේ ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” කියලා නම් කරනවා. ස්ටොක්හෝම්වල බැංකු මංකොල්ලය සිදුවෙන්න කලින් ඉඳලාම මේ වගේ මනෝභාවයන් සහිත පුද්ගලයන් හමු වෙලා තිබුණත් මේ මනෝභාවය ප‍්‍රසිද්ධියට පත් වෙන්නේ ස්ටොක්හෝම් සිදුවීමෙන් පස්සේ නිසා තමයි ඒක ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” කියලා නම් කරන්නේ.

සාමාන්‍යයෙන් මේ වගේ තත්වයක් ඇති වෙන්න පුලූවන් වෙන්නේ ප‍්‍රාණ ඇපයට ලක් වූ හෝ පැහැර ගැනීමකට ලක් වූ හෝ කොල්ලකෑමකට ලක් වූ අයට විතරයි කියලා අපිට හිතුණට ඇත්තටම ඒක එහෙම නෙවෙයි. තමන් කොල්ලකෑමකට ලක් වුණා කියලා පවා නොදන්නා විශාල පිරිසකට වුණත් මේ මනෝභාවය එකවර ඇති වෙන්න පුලූවන්. ඒකට හොඳම උදාහරණයක් ඇතුළෙ තමයි මේක ලියන මමත්, මේක කියවන ඔබත් මේ මොහොතේ පවා රැඳිලා ඉන්නේ. අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව  මංකොල්ලකාරයින් පිරිසක් මේ වෙද්දි අපි හැමෝටම අයිති දේවල් මංකොල්ලකමින්, විනෝද වෙමින්, අපිව අපහසුතාවට පත් කරමින්, සැපපහසු ජීවිතයක් ගතකර කරමින් ඉන්නවා. හැබැයි ඒක අපිට ප‍්‍රශ්නයක් නැහැ. ඒ මංකොල්ලකාරයො ගැන අපි මැසිවිලි නගන්නේ නැහැ. අපි අතර ඉන්න සමහරු ඒ මංකොල්ලකාරයින්ට වන්දනාමාන පවා කරමින් ඉන්නවා. ඔවුන්ට පිස්සුවෙන් වගේ ආදරය කරමින්, වැඳ වැටෙමින් ගරු බුහුමන් පවත්වමින් සිටින අය  ඕනෙ තරම් ඉන්නවා. ඔවුන් අපේ දේවල් කෝටි ප‍්‍රකෝටි ගණනින් වංචා කරලා තියනවා කියලා අපි දන්නවා. ඒත් ඒක අපිට කමක් නෑ. ඒ කියන්නේ අපිට ඔවුන් ගැන තියෙන්නේ ධනාත්මක හැ`ගීමක්.

ඔය අතරේ අපිව මේ වංචාකාරයින්ගෙන් බේරා ගන්න තව කට්ටියක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔවුන් තමන්ගේ ජීවිත පරදුවට තබමින් අපිව බේරා ගන්න ලොකු උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. ඒ අය අපි වෙනුවෙන් කොච්චර මොන දේ කළත් අපිට ඒ අයව පේනෙන්නේ අපිව ගිලගන්න ආපු යක්ෂයෝ පිරිසක් වගෙයි. හරියටම කියනවා නම් අර ස්ටොක්හෝම්වල බැංකුව මංකොල්ලකන්න ආපු අයගෙන් ප‍්‍රාණ ඇපකරුවන්ව බේරා ගන්න ආපු පොලිස් නිලධාරීන් ගැන ප‍්‍රාණ ඇපකරුවන්ගේ හිතේ ඇති වුණු  නිෂේධාත්මක හැඟීමක් වගේ හැඟීමක් තමයි අපිව බේරා ගන්න ඇවිදින් ඉන්න අය ගැන අපිට ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ අයව ගණන් ගන්න පවා උත්සාහා කරන්නේ නැහැ.

රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් අපි අතරින් සැළකිය යුතු පිරිසකට අදටත් කිසිම ගාණක් නෑ කියලා සමහර පක්ෂවල මැතිවරණ වේදිකා ඉස්සරහා ඉන්න අහිංසක මහජනතාව දැක්කාම හිතෙනවා.  ඒ අය ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” කියන භයානක මනෝභාවයෙන් පෙළෙනවා කියලා ඒ අය පවා දන්නේ නැහැ. ඒ කොහොම වුණත් ලක්ෂ ගානක් වුණු රටවැසියන්ට වැළඳිලා තියන ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” එකෙන් ඔවුන් මුදවාගෙන ඔවුන්වත් ගොඩ දාලා අපිත් ගොඩ ගිහින් රටත් ගොඩ ගන්න උත්සාහා කරන එක තමයි ”ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” එකෙන් පෙළෙන්නේ නැති අයගේ වගකීම වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...