25 C
Colombo
Saturday, January 18, 2025

නව තායිවාන ජනාධිපතිගෙන් චීනෙට සද්දයක්

- Advertisement -

ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරමින් තායිවානයට තර්ජනාත්මක බලපෑම් එල්ල කිරීම නවත්වන්නැයි තායිවානයේ නව ජනපති විලියම් ලායි චීනයෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය සඳුදා දිනයේ අභිනවයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව , චීනය සහ තායිවානය අතර ගැටුම සංවාදයක් බවට පරිවර්තනය කර ගන්නා ලෙස ඔහු චීනය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

දීර්ඝ කාලයක් පුරාවට තායිවානය එරටට අයිති දිවයිනක් බව පවසමින් චීනය විසින් එල්ල කරන බලපෑම් ඉදිරියේ කිසිවිටෙකත් පසුබට නොවන බව තායිවානයේ නව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත්, තායිවාන ජනපතිගේ මෙම ඉල්ලීමට චීනයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තායිවානයට ස්වාධීන රටක් බවට පත් වීම, මාරාන්තික අවසානයක් සහිත සටනක් වනු ඇති බවයි.

තායිවානයේ නව ජනපති ලෙස පත්වූ විලියම් ලායිට සහ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) , චීනය විරුද්ධවාදීන් ලෙස සලකන අතර ජනවාරි මාසයේ ඔහු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ තායිවානයේ සාගර හා ගුවන් කලාප අවට හමුදා ආක්‍රමණ දැඩි කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...