31 C
Colombo
Saturday, July 27, 2024

පොලීසියෙන් අමුතු නීතියක් (වීඩියෝ)

- Advertisement -

මින් අනතුරුව සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර නිරෝධායනය සඳහාද යොමුකිරිමට කටයුතු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම ක්‍රියාවලියට අදාළ උපදෙස් මේ වනවිටත් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව මින් ඉදිරියට සංචරණ සීමා පනවා ඇති කාලය තුළ අනවසරයෙන් වාහන පදවාගෙන යන පිරිස් නිරෝධායනයටද යොමු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් නිරෝධායන ක්‍රියාවලිය යනු වරදකට දෙන දඩුවමක් නොවන බව පසුගියදා දැඩි කතාබහකට ලක්වූ හිරු ටීවි නාලිකාවේ විකාශය වූ ‘සලකුණ’ වැඩසටහනේදීම අජිත් රෝහණ මහතා පවසා සිටියා.

එවැනි තත්ත්වයක් තුළදී සංචරණ සීමා උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් නිරෝධායනයට ලක්කිරීම සිදුකරන බව ඔහු විසින්ම නිවේදනය කිරීම හාස්‍යයට කරුණක්.


RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...