27 C
Colombo
Saturday, July 13, 2024

සිව්වැනි කොරෝනා රැල්ල හමුවේ ඔලිම්පික් ප්‍රේක්ෂකයින්ට දැඩි සීමා

- Advertisement -

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ප්‍රේක්ෂකයින් සඳහා කොවිඩ්-19 ආසාදනය වී නොමැති බවට සහතිකයක් හෝ එන්නත් කිරීමේ වාර්තා පෙන්වීම අවශ්‍ය වන බවට කොන්දේසි පැනවීමට ජපානය සූදානම් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානය පසුගිය සිකුරාදා ටෝකියෝ සහ අනෙකුත් ප්‍රදේශවලට පනවා තිබූ කොවිඩ්-19 හදිසි තත්වය ජුනි 20 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා ලදී.

ක්‍රීඩා උළෙල ආරම්භවීමට මාස දෙකකටත් අඩු කාලයක් පැවතිය දී සිව්වන කොරෝනා රැල්ලක ලකුණු මතුවීම සහ එරට එන්නත්කරණයේ මන්දගාමීත්වය ඔලිම්පික් උළෙල කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇති බවට ද මත පළවෙමින් තිබේ.

මේ වන විටත් විදේශීය ප්‍රේක්ෂකයින්ට ඔලිම්පික් උළෙල තහනම් කිරීමට ජපානය කටයුතු කර තිබේ.

මෙම තත්ත්වය යටතේ ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත ක්‍රීඩා උළෙලට ජපන් ප්‍රේක්ෂකයින්‍ට ද සහභාගී විය හැකිද යන්න සහ කුමන කොන්දේසි යටතේ සහභාගී වීමට ඉඩ ලබා දෙන්නේ ද යන්න පිළිබඳව සංවිධායකයින් ලබන මාසයේ තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් රජයේ ඉහළම ප්‍රකාශක ලෙස සැලකෙන කට්සුනොබු කැටෝ (Katsunobu Kato ) සඳුදා දිනයේ මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා බවයි.

“ඔලිම්පික් උළෙල සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ හැඟීම් සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍යයි” යැයි කැටෝ ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ක්‍රීඩා උළෙල ආරක්ෂිතව පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බව සහතික කිරීමට සංවිධායකයින් සූදානම් වන බව ද ඔහු පැවසීය.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාරගත කළ IPගේ කට කැපීම ගැන වාර්තාවක් ඉල්ලලා

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන...

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්

බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබෙනවා. වාර්ෂික බන්ධනාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බව, බන්ධනාගාර...

මහජන ආරක්ෂාව අවිනිශ්චිතයි පොලිසිය කරන්නේ සංදර්ශනයක්

මේ වන විට රට තුළ ආරක්ෂාව අවිනිශ්චිත තත්වයක පවතින බවත් පොලිසිය සිදු කරමින් සිටින්නේ හුදු සංදර්ශනයක් පමණක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි...

POPULAR ARTICLES

ගෙවල්වල කුලියට ඉන්න අයටයි දෙන අයටයි අලුත් නීතියක්

1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පසුගිය 2023-09-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා...

පෙට්‍රල් – ඩීසල්වලට අලුත් විකල්පයක්

සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත...

විශ්‍රාම වැටුප් හිමියන්ට දැනුම් දීමක්

ජූලී මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නේ, ජුලි මාසයේ 10...