25 C
Colombo
Sunday, December 10, 2023

මන්ත්‍රී නිවාස වලට දැඩි ආරක්ෂාවක් – වාහන වලින් ‘මන්ත්‍රී ලාංඡන’ ඉවත් කරයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70ක් පමණ සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇතැයි වාර්තා වනවා.

ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාරව සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද මන්ත්‍රීවරුන්ට එසේ කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවත් පැවසේ.

එසේම ඉන්ධන හෝ ගෑස් හෝ වෙනත් පෝලිම් හෝ ප්‍රදේශ හෝ ස්ථාන හැකිතාක් මඟහැර ගමන් කරන ලෙසටද ආරක්ෂක අංශ නිලධාරීන් මැති ඇමැතිවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වන අතර පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන ලංගම බස් රථ කිහිපයක්ද ඉදිරිපස වීදුරුවල ප්‍රදර්ශනය කර තිබු ‘පාර්ලිමේන්තුව’ යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර ධාවනය කිරිමට පියවර ගෙන ඇත.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාවද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද යොදවනු ලැබ ඇත.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව එම නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේ බුද්ධි අංශ කණ්ඩායම්ද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ආරක්ෂක අංශ, බුද්ධි අංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(4) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව හෙට (4) සිට ලබන 8 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව රැස්වන එම කාලසීමාවේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද රජයේ අවධානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...