27 C
Colombo
Thursday, March 23, 2023

නිශාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

- Advertisement -

2019 වර්ෂයේ ජුනි මස 19 වන දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහා නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද පරික්ෂණ සිදුකරන ජනාධිපති කොමිසමට ඊයේ (17) කැදවා තිබුණා.

නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබු සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයට අදාළ ලිපි ගොනුවක් සම්බන්ධයෙන් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළ මාධ්‍ය ප්‍රකාශයකට පිළිතුරු ලෙස අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණා.

එහිදි අදාළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය මෙලෙස සාක්ෂි ලබාදුන්නා.

” මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළේ 2019 ජුනි මස 10 වන පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අප දෙපාර්තමේන්තුව අසලටම පැමිණ මාධ්‍ය වෙත නිකුත් කළ අසත්‍ය, සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන්. සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් 2018 ජුලි 07 පිටු 300 ක ගොනුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදුන්නා කියලා එම හිමිනම ප්‍රකාශ කළා. නමුත් එම සම්පුර්ණ ගොනුව සත්‍ය වශයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබුනේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 2019 මැයි 06 වැනිදා. මේ පිළිබදව නීතිපතිවරයා එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයාට 2019 ජුනි 18 උපදෙස් ලිපියක් යැව්වා. ඒ ලිපියට පදනම් කරගෙනයි නීතිපතිවරයාගේ වාචික උපදෙස් පරිදි මා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළේ “

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ” මෙම නිවේදනයේ තියෙනවාද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ ප්‍රශ්නගත ගොනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් වරදක් පැහැර හැරීමක් සිදුව නැහැ කියලා “

” එසේ සදහන් වෙනවා ස්වාමිනි. නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපිය යොමු කරන අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ මෙම සිදුවීමට අදාළව කිසිදු අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබුනේ නැහැ. අනික මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළේ නීතිපති දෙපාර්තමේන්තුව හරියට කටයුතු කළාද නැද්ද කියන එක පැහැදිලි කරන්න නෙමේ. පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සිදුකළ ප්‍රකාශයට පිළිතුරක් ලෙස පමණයි ” යැයි නිශාරා ජයරත්න මෙනෙවිය පිළිතුරු දුන්නා.

එහිදි කොමිසමේ සභාපතිවරයා යළි විමසා සිටියේ,
” 2020 නොවැම්බර් 27 වන දින මෙම සිදුවීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස ඔබ දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ කර ඇත්නම්, එයයි ඔබ ඊට පෙර නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත කරුණුයි එකිනෙකට පටහැනි නේද “

” මාධ්‍ය නිවේදනය නිකුත් කළේ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවක් දාලා අභ්‍යන්තරය විමර්ශනයක් සිදු කිරීමට පෙර. පසු අවස්ථාවකයි කමිටුව මගින් විමර්ශනයක් කර නිර්දේශ ඉදිරිපත් කළේ ” යැයි නිශාරා ජයරත්න මෙනෙවිය පිළිතුරු දුන්නා.

ඉන් අනතුරුව ප්‍රශ්නගත ගොනුව සම්බන්ධයෙන් ක්‍රියා කළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් විනය පියවර ගැනීමට නිර්දේශ කර ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළා.

” ඔබ ඔය නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළ 2017 වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් උපදෙස් දීමට තරම් තොරතුරු EER 08 /2017 ගොනුව තුළින් ඉදිරිපත් කරලා නැහැ කියන්නේ ඒ වෙද්දි නීතිපතිවරයා දරපු මතය නේද ” යැයි ජනාධිපති නීතිඥවරයා පළමුව විමසා සිටියා.

” 2019 ජුනි 18 නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යැව්වේ උපදෙස් ලිපියක් එක මතයක් නෙමේ. ඒ මතයි මම මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළේ. නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරින් දෙදෙනා වැරැද්දක් කළේ නැහැ කියලා නීතිඥතුමා මගේ කටින් ගන්න උත්සහ කරන්නේ මම එක පිළිගන්නේ නැහැ ” යැයි නිශාරා ජයරත්න මෙනෙවිය පිළිතුරු දුන්නා.

ඇයගේ එම පිළිතුර ලබාදුන් ස්වරූපයත් සමග ජනාධිපති නීතිඥවරයා ” කව්ද ඔබේ විනය නිලධාරියා ” යැයි විමසුවා.

“මම ආවේ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න. මම හිතන්නේ නැහැ සභාපතිතුමනි මේ නීතිඥවරයා අසන ප්‍රශ්න මේ කොමිසම විසින් සොයා බලන විෂය පථයට අදාළයි කියලා. ඒ නිසා මම මේවාට පිළිතුරු දිය යුතුද ? යැයි නිශාරා ජයරත්න මෙනෙවිය ජනාධිපති කොමිසමෙන් විමසා සිටියා.

” මේ කොමිසම පත් කරලා තියෙන එක අරමුණක් තමයි මේ බෝම්බ ප්‍රහාර සිදුවීමේදි රජයේ නිලධාරින් අතින් යම් පැහැර හැරීමක් සිදුවෙලාද යන්න සොයා බැලීම. පළමුව ඔබ දෙපාර්තමේන්තුවෙන්ම ලිපියක් සහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා මේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ලිපිගොනුව සම්බන්ධයෙන් ඔබ දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක් වැරදි නැහැ කියලා. පසුව නැවතත් ඔබේ දෙපාර්තමේන්තුවෙන්ම නිර්දේශ කර තිබෙනවා නිලධාරින් දෙදෙනෙකු සම්බන්ධයෙන් විණය පියවර ගන්න කියලා. ඒ නිසා ඔබ මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුයි. ඒ වගේම මම ඔබට අවවාද කරනවා ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂිකාරියක් විතරයි. ඔබට නීතිඥවරු අසන ප්‍රශ්න වලට තර්ක කරන්න බැහැ.
ඔබට අවශ්‍යනම් ඔබ වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ගන්න පුළුවන් ” යැයු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා නිශාරා ජයරත්න මෙනෙවියට පවසා සිටියා.

” මට නීතිඥවරයෙක් අවශ්‍ය නැහැ මම තනියම ආවේ. ” යැයි නිශාරා ජයරත්න මෙනෙවිය එහිදි සදහන් කළා.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා යළි ප්‍රශ්න ඇසීම ආරම්භ කළා,
” ඔබ නිකුත් කරපු මාධ්‍ය නිවේදනය තුළ නීතිපතිවරයාගේ මතය වෙලා තියෙන්නේ 2017 වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය උපදෙස් දීමට තරම් ගොනුවක් ඉදිරිපත් කරලා තිබුනේ නැහැ කියන එක නේද “

” මම නැවතත් කියනවා. මේ නිවේදනයට පදනම් වු ලිපිය සකස් කළේ මම නෙමේ. එක මම හැදුවානම් මගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් එක හැදුවේ රටේ නීතිපතිවරයා. ඔහුගේ මතය ප්‍රකාශ කරන්න මට බැහැ ” යැයි සාක්ෂිකාර නිශාරා ජයරත්න මෙනෙවිය පිළිතුරු දුන්නා.

මෙහිදි ජනාධිපති කොමිසම ඇමතු සභාපති විනිසුරුවරයා මෙසේ සටහන් තබන ලෙස කොමිසමේ ලඝු ලේඛිකාවට දැන්වුවා.
” මේ අවස්ථාවේදි සාක්ෂිකාරියට අවසාන වශයෙන් අවවාද කරනවා. අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. ඔබ සමග නීතිඥවරයෙක් පැමිණි බව කොමිසමට ඇතුල්වීමේ ලේඛනවල නමක් සදහන් වෙනවා. අවශ්‍යනම් නීතිඥ සහයක් ලබාගන්න. ” යැයි පැවසුවා.

එහිදි කොමිසම් සභාව තුළ රැදී සිටි නීතිඥ ටෙනී ප්‍රනාන්දු මහතා තමන් නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් පෙනී නොසිටින බවත් මෙම අවස්ථාව නැරඹීමට ඇගේ මිතුරෙකු ලෙස පමණක් සම්බන්ධ වන බව පැවසුවා.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලු ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙලෙස ප්‍රකාශ කළා.

” ස්වාමිනි මම නීතිඥවරයෙකු ලෙස මෙම සාක්ෂිකාරියට ප්‍රශ්න යෝජනා කළත් ඇය ඒවාට සෘජු පිළිතුරු නොදි වෙනත් දේ පවසනවා. ඒ තුළින් පෙනී යන්නේ මැය මේ කොමිසමට පැමිණ ඇත්තේම මේ ප්‍රශ්නයට මැදිව සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා අමාරුවේ දැමීමට සිතාගෙන. ඒ නිසා මම මේ ගරු ජනාධිපති කොමිසමට යෝජනා කරනවා මෙම සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන්න කියලා ” යැයි සදහන් කළා.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔබට නීතිඥ නියෝජනයක් අවශ්‍යදැයි නිශාරා ජයරත්න මෙනෙවියගෙන් යළි විමසු අතර එයට අවශ්‍ය නොවන බවට පිළිතුරු දුන් ඇය මෙලෙස අදහස් දැක්වුවා.

” ගරු සභාපතිතුමනි මම කිසිම අවස්ථාවක කොමිසමට අපහාස කළේ නැහැ. ඒ වගේම ඔය කියපු විදිහට නිලධාරින් අපහසුවට පත් කරන්න මට වුවමනාවකුත් නැහැ. මේ මගේ දෙපාර්තමේන්තුවේම නිලධාරින්. උගත් ජනාධිපති නීතිඥවරයාට අවශ්‍ය පිළිතුරු මගෙන් නොලැබීම හේතුවෙන් මා කොමිසමට අපහාස කරනවා යැයි පැවසීම වැරදි. මට දැන් හිතෙනවා මම නීතිඥ සහයක් ලබාගත යුතුයි කියලා. එහෙම නීතිඥ සහයක් ඉල්ලනවානම් මා ඉල්ලන්න ඕනේ නීතිපතිතුමාගෙන්. ඒ නිසා මට නැවත පැමිණෙන්න දිනයක් ලබාදෙන්න ” යැයි සදහන් කළා.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙලෙස කොමිසමේ ලේඛන වල වාර්තාවක් තබන ලෙස නියෝග කළා.
” සාක්ෂිකාරියගෙන් ආරම්භක අවස්ථාවේදි සහ අතරමැද අවස්ථාවලදී නීතිඥ සහයක් අවශ්‍යදැයි විමසුවද ඇය එය අවශ්‍ය නොවන බව දැන්වුවා. නමුත් ඇය මේ අවස්ථාවේ නීතිඥ නියෝජනයක් අවශ්‍ය බව දන්වා සිටිනවා. එබැවින් ඇයට එළඹෙන 21 වන සදුදා පෙරවරු 10ට නීතිඥ නියෝජනයක් සහිතව පෙනී සිටින ලෙස දන්වා සිටිනවා ” යැයි පැවසුවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...