‘සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිරගේ විෂයයන් හතක් හදිසියේ ඉවත් කරයි!’ යන සිරස්තලයෙන් දෙසැම්බර් 13 වැනිදා අප පල කරන ලද පුවතෙහි කරුණුමය වරදක් ඇති බව ප්‍රකාශ කරමු. එම ප්‍රමාද දෝෂය පිළිබඳ පාඨක ඔබගෙන් සමාව ඉල්ලා සිටිමු.
එම පුවතෙහි සඳහන්ව තිබූ ආකාරයට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ විෂයන් ඉවත් කිරීමක් වෙනුවට,
1990 සුවසැරිය පදනම, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු භාර රාජ්‍ය ඇමැතිවරිය වන්නේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත පැවරීම සිදු කර ඇත.
ආචාරධාර්මික මාධ්‍ය භාවිතයක් සඳහා ඉදිරියටත් අප සමඟ රැඳී සිටින මෙන් ඉල්ලා සිටිමු.
- නිව්ස්19 සංස්කාරක මණ්ඩලය