කඩවත ප්‍රදේශයේ ඇති සිරි අරන්තක සමාධි අරණ විහාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් විසින් නව වසරට සෙත්පතා වදුරු වසංගත දුරුවනු පිණිස ගම්මඩු ශාන්ති කර්මයක් පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ශාන්තිකර්මයට පැමිණි පිරිස නිරෝධායන නීති කඩ කරමින් පැමිණ ඇති බවටයි වාර්තාවන්නේ.
පවත්නා තත්ත්වය මත මෙපමණ පිරිසක් ඒකරාශී කිරීම නීති විරෝධීවන අතර ඔවුන් කිසිවෙකුත් මුඛ ආවරණයක් හෝ පැළද නොසිටීමද විශේෂත්වයක්.
එමෙන්ම විශාල වශයෙන් පළතුරු සහ කැවිළි වර්ග ගොඩගසා පිටදූවේ සිරිධම්ම හිමියන් අනුකරණය කරන ආකාරයේ වත්පිළිවෙත් මෙම විහාරස්ථානය තුළද සිදුකර තිබෙනවා.
බොරැල්ලේ සිරිසුමන හිමියන් පිළිබදව මීට පෙර කතාබහ ඇතිවුණේ ඔහු තමන් බුදුබව ලබා ඇති බවට නාරජිදෙකුගේ ප්‍රතිමාවක් තුළ වාඩිවී කිරිවලින් නහවා කහ තවරාගෙන හින්දු පූජකයෙක් ලවා සිදුකරගත් ශාන්තිකර්මයක් පිළිබදව තොරතුරු වාර්තාවීමත් සමඟයි.
ඉන් අනතුරුව ඔහුට දැඩි විරෝධයක් පැමිණි අතර පසුව ඒ පිළිබදව මහා සංඝරත්නයෙන් සමාව අයැදීමටද සිරි සුමන හිමියන් කටයුතු කර තිබුණෘ.
කෙසේ වෙතත් කොරෝනා පැණියක් සොයාගත් බවට කියූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අනුරාධපුරයට ගොස් “මම කාලි” යනුවෙන් අටමස්ථානාධිපති හිමියන්ට පැවසූ අවස්ථාවේදී ධම්මික බණ්ඩාර මහතා සමඟ ගිය කණ්ඩායමේද බොරැල්ලේ සිරිසුමන හිමියන් පැමිණ තිබුණා.









