30 C
Colombo
Wednesday, February 19, 2025

සීනි ආනයන වියදම 829% කින් ඉහළට..!

- Advertisement -

පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඇමරිකන් ඩොලර් මිලියන 31.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක් සඳහන් කර සිටිනවා.

මෙය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 3.4 හා සැසඳීමේ දී 829.7% ක ඉහළ යාමකි.

මේ අනුව, වසරේ මුල් මාස 09 තුළ දී සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 180.6 ක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේවෙතත් එය 2021 වසරේ මුල් මාස 09 හි සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 214.7 ට වඩා 15.9% ක පහළ යාමකි.

සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2021 වසරේ දී දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 288.8ක් වන අතර එම අගය 2020 වසරේ සඳහන් වන්නේ ඩොලර් මිලියන 277.1 ක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

Breaking: ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දියි. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම...

POPULAR ARTICLES