31 C
Colombo
Saturday, May 18, 2024

අම්පිටියේ සුමන හිමි අත්අඩංගුවට නොගන්නේ ඇයි? – සුමන්තිරන්ගෙන් පොලිස්පතිට ලිපියක්

- Advertisement -

දමිළ ජනතාවට එරෙහිව වෛරී සහගත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මඩකලපුවේ අම්පිටිය සුමන හිමියන්ට එරෙහිව ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිද යන්න දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පොලිස්පතිවරයාගෙන් විමසා තිබෙනවා.

සුමන්තිරන් මන්ත්‍රීවරයා පොලිස්පතිවරයා වෙත  ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය දින කිහිපය තුළම  අම්පිටිය සුමන හිමියන් විසින් ප්‍රසිද්ධියේ මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ කිහිපයක් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම අම්පිටියේ සුමන හිමියන් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රසමාණික්කම් මහතාට දිගින් දිගටම පහර දෙන බවත් දකුණේ වෙසෙන සියලුම දෙමළ ජනතාව කෑලිවලට කපා දමන බව පවසමින් ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමටත් කටයුතු කර ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා.

රට තුළ වාර්ගික අසමඟිය ඇති කරවන හා ප්‍රචණ්ඩත්වයට හේතු වන ආකාරයේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් පොලීසිය කිසිදු පියවරක් නොගන්නේ මන්ද යන්න ඔහු මෙම ලිපිය මඟින් විමසා තිබෙනවා.

මේ අතර අම්පිටියේ සුමන හිමියන්ගේ ප්‍රකාශයක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් X හි සටහනක් තබමින් දෙමළ ප්‍රගතීශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පෙන්වා දී ඇත්තේ “දකුණෙ ඉන්න හැම දෙමළෙක්ම කප කපා සිංහලයෝ මැරෙනවා” යනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීම ICCPR පනතේ 3 වැනි වගන්තිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් නොවේද යන්නයි.

RECENT ARTICLES - SINHALA

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...